Colombo Today Local News

රැකියා විරහිත කිලිනොච්චියේ තරුණ තරුණියන්ට හමුදාවෙන් රැකියා…

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් යාපනය ‘හැරී ඉදිකිරීම පුද්ගලික සමාගම’ (Harry Constructions Private Limited) සමඟ සම්බන්ධිකරණයෙන් විවිධ ව්‍යාපෘතින් මාර්ගයෙන් කිලිනොච්චි ප්‍රදේශයේ රැකියා විරහිත තරුණ තරුණියන් 123 දෙනෙකු වෙත රැකියා අවස්ථා ලබාදෙන ලදි.

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ගේ අධික්‍ෂණය යටතේ 573 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහාය ඇතිව කන්දවාලි ප්‍රදේශයේ දී එම තරුණ තරුණයින් සඳහා සම්මුඛ පරීක්‍ෂණ පැවැත්විය.

එහිදි ක්ෂේත්‍ර 22 ක් යටතේ සිත්ගන්නා සුළු වැටුපක් සහිත රැකියා අවස්ථාවන් සඳහා සුදුසු නම් සම්පූර්ණ කර ඇති අයවළුන් තෝරාගනු ලැබු අතර, මේ අයුරින්ම මීට පෙර ද 57 වන සේනාංකය විසින් කිලිනොච්චි තරුණ තරුණයින් සඳහා රැකියා අවස්ථා ලබාදෙනු ලැබීය.

Related posts

(Video) ඊයේ සමුගත් විජය නන්දසිරි රංගවේදියාණන් පෙරේදා රගපෑ අවසන් ප්‍රහසනය මෙන්න

colombotoday

විදුලි කප්පාදුව පැය 03කට දීර්ඝ වෙයි

colombotoday

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

colombotoday

පළමු ඉණිම අසාර්තක වුවත් දෙවනි ඉණිම හරියට ක්‍රීඩා කරනවා…

colombotoday

ෆේස්බුක් තහනම ඉවත් කරන්න ලේසියෙන් බෑ… රජයේ කොන්දේසි මෙන්න

colombotoday

බිරිඳ මරා ස්වාමි පුරුෂයාත් සිය දිවි හානි කර ගනී

colombotoday