Colombo Today Local News

රාජාංගනයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොරෝනා.. ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළට

රාජාංගනය ප්‍රදේශයේ වයස අවුරුදු 12ක දරුවෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2688 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් 665 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

රාජාංගනය යාය 05 ප්‍රදේශයෙන් පසුගිය දා හඳුනාගනු ලැබු කොවිඩ්-19 ආසාදිත කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකු ලෙස සේවය කළ පුද්ගලයා සහභාගී වු දානමය පිංකමකට පැමිණි දරුවෙකුට මෙසේ වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇත.

මේ අතර කන්දකාඩු පොකුරට අදාලව පී.සී.ආර් පරීක්ෂාවට ලක් කළ 929 දෙනකුටම කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අද ප්‍රකාශ කරයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි ඔවුන්ගේ පවුලේ ඥාතීන් ඇතුළු ළඟම ආශ්‍රිතයින් ද ඒ අතරට අයත්ය.

ඒ අනුව අද (17) දිනය තුළ මේ දක්වා අලුතින් හඳුනාගැනුණේ එක් කොවිඩ් ආසාදිතයෙක් පමණකි.

කොවිඩ්-19 ආසාදිතයින් ලෙස ඊයේ (16)දිනයේ දී අලුතින් රෝගීන් 13 දෙනෙකු හඳුනා ගැනුණි.

මේ අතර කන්දකාඩු පොකුරෙන් අද පස්වරු 5 වන විට හඳුනා ගෙන ඇති ආසාදිතයින් ගණන 542කි.

ඒ අතරින් 443 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර 63ක් කාර්යය මණ්ඩලය හා උපදේශකයින් වේ.

එමෙන්ම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 34 දෙනෙකු සහ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනකුද ඊට අයත්ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිත ආසාදිත පොකුරට අදාළව මේ වන විට PCR පරීක්ෂණ 5000ක් සිදු කර අවසන්ය.

ඒ අතුරින් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් බැලීමට පැමිණි පවුලේ ඥාතීන් 114 දෙනා ඇතුළු ඔවුන්ගේ ආශ්‍රිතයින් 368 දෙනාගේම PCR පරීක්ෂණ වාර්තාවලින් ඔවුන් කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇත.

එමෙන්ම කන්දකාඩු පොකුරට අදාළව PCR පරීක්ෂණ සිදුකළ රන්ටැඹේ 120 දෙනෙක්, පල්ලෙකැලේ 100 දෙනෙක්, තන්තිරිමලේ 120ක්, නිකවැව 78ක්, කොටුගොඩ දේවස්ථානය ආශ්‍රිත 74ක් හා රාගම පෞද්ගලික රෝහල ආශ්‍රිත 69 දෙනෙකු වශයෙන් 561 දෙනකුම කොවිඩ් ආසාදිතයින් නොවන බව තහවුරු වී ඇතැයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

හෝමාගම කැන්දලන්ද ප්‍රෙද්ශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිත හමුදා නිලධාරියාගේ මවට කොවිඩ් ආසාදනය වී ඇතැයි නිරෝධායන මධ්‍යස්ථානයක දී හඳුනා ගෙන තිබේ.

ඇය හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරියක් විම හේතුවෙන් ඇයගේ ආශ්‍රිතයින් වන පොලිස් නිලධාරින් 22ක් හා සිවිල් සේවකයින් 8 දෙනෙකු නිරෝධායනයට යොමු කෙරුණි.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වු පිළියන්දල ප්‍රදේශයේ හමුදා නිලධාරියාගේ මවට හා මිත්තනියට ද ඊයේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමග ඔවුන් පදිංචිව සිටි පිළියන්දල, දැල්තර වෙළඳසැල් 4ක් ඇතුළු නිවාස 20ක පුද්ගලයින් 62ක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

මේ අතර කොවිඩ් ආසාදිත බවට පසුගිය දා තහවුරු වූ යුද හමුදා සෙබළෙකු ඉකුත් 7 වැනි දා සිය පවුලේ සාමාජිකයින් ඇතුළු 20 දෙනෙක් සමග කතරගම වන්දනාවේ ගොස් ඇතැයි අනාවරණ වූ බව කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

ඒ අනුව එම පුද්ගලයා සංචාරය අතරතුර නවාතැන් ගත් නවාතැන්පොළේ සිටි දොලොස්දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කෙරුණි.

කෙසේ වෙතත් එය නිරෝධායනයට යොමු කර ඇති ස්ථානයක් බව දන්වමින් අලවා තිබු දැන්වීම් පත්‍රිකාව ඊයේ රාත්‍රියේ කිසිවකු ඉරා දමා තිබූ අතර අද එහි පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටියේ ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවය.

මේ අතර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැළකිල්ලට ගනිමින් නිවාඩු ලබාදුන් දිවයිනේ සියලු පාසල් එළඹෙන සඳුදා (20)දින විවෘත කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍ය බලධාරින්ගෙන් විමසා ඇති අතර අද ඊට අවශ්‍ය නිර්දේශ ලබා දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

ඒ අනුව එළඹෙන සඳුදා නැවත පාසල් විවෘත කරන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය හෙට (18)දින ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

Related posts

දහම්පාසල් ගුරු දීමනාවට තවත් 3000ක් එකතු වේ

colombotoday

හකීම්ගේ සහ බදුර්දින්ගේ ජාතිවාදයට එරෙහිව “මුස්ලිම් හඩ” සංවිධානයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin

අපිව මරන්න එන ගෝඨාභය පරාජය කරනවාමයි – චමීර පෙරේරා

colombotoday

වූහාන් ලාංකිකයන් මත්තලට ගොඩබසිද්දී, ඉන්දියානුවන් ගෙන එන්න ඉන්දීය යානයක් වූහාන් බලා පිටත් වෙයි…

colombotoday

අධිකරණ නියෝග නොතැකු සිව් දෙනෙක් ගාලු මුවදොර දී අත්අඩංගුවට

colombotoday