Uncategorized

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිකරන්න බෑ !

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් කෝටි 11,500 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහොතේ එය කළ නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් මණ්ඩලයට අද (24) දැනුම් දී ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද උදේ පැවැති කැබිනට් රැස්වීමේදී මුදල් ඇමැතිවරයා මෙම දැනුම් දීම කර තිබේ.

වැටුප් විශමතා ඉවත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා පරිපාලන ක්ෂ්‍රේත්‍ර ගණනාවක නිලධාරීන් මේ වන විට වෘත්තිය ක්‍රියාමාර්ග වලට යොමු වී ඇත.

පරිපාලන සේවය ඇතුළු විධායක ශ්‍රේණි 12 ක නිලධාරීන්ට රුපියල් 15,000 සිට 50,000 දක්වා අමතර දීමනාවක් ගෙවීමට අනුමැතිය ඉල්ලා රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා ගිය සතියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ පිළිබඳ මුදල් අමාත්‍යාංශවේ නිරීක්ෂණ ලබා ගැනීමට එය මුදල් අමාත්‍යාංශයට යොමු කර තිබේ.

මේ අතර දුම්රිය සේවයේ නිලධාරීන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා ප්‍රවාහන ඇමැති අර්ජුන රණතුංග මහතා ද මීට පෙර කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

සමස්ථ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් කර ඇති මංගල සමරවීර මහතා රාජ්‍ය සේවයේ වැටුප් මිල රුපියල් කෝටි 80,000 ක් පමණ වන බවත් එසේ තිබියදී තවත් එය වැඩි කළ නොහැකි බවත් පවසා ඇත.

රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් පත්කළ එස් රනුග්ගේ කමිටු වාර්තාව අනුව ලබන ජනවාරි 1 වැනිදා සිට වැටුප් විෂමතා ඉවත් කරන බවද මුදල් ඇමැතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත.

Related posts

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday

ආයතන සීයකින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කෝටි 3000ක බදු පොල්ලක්

colombotoday

අයවැයට කැබිනට් අනුමැතිය

colombotoday

නුසුදුස්සෙක් ඉවත් කරන්න පොලිස්පතිවරයාගෙන් නියෝග

Admin

දෙවියන් වහන්සේ වෙත ගිය තමිලිනී වෙනුවෙන් අපි යාඥා කරන්නෙමු, ඔබත් යාඥා කරන්න – TNA

colombotoday

කටුනායක “නෙක්ස්ට්” වසා දමයි! සේවකයින් 1,400ක් දොට්ට

Admin