Colombo Today Local News

රනිල් සහ සාගල අද ජනපති කොමිසමට

හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ හිටපු අමාත්‍ය සාගල රත්නායක පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (21)දින සාක්ෂි ලබාදීමට නියමිතව තිබේ.

පාස්කු ප‍්‍රහාරය එල්ල වන සමයේ දී රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙසත්, සාගල රත්නායක නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළේය. පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනාගෙන් අද දිනයේදී සාක්ෂි සටහන් කරගැනීමට නියමිතව ඇත.

මේ අතර එවක ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රුවන් විජේවර්ධනගෙන් ඉකුත් 18 වනදා පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය සාක්ෂි සටහන් කරගත්තා.

මේ අතර හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ද පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ ලබන 26 වැනිදා සාක්ෂි ලබාදීමට නියමිතයි.

Related posts

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday

මෙරට හමුදාව සිවිල් කටයුතු සඳහා අනවශ්‍ය මැදිහත්වීමක් සිදුකර නැහැ

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

වන්නි මෙහෙයුමේ හමුදා ප්‍රධානීන් 5ක් CIDයට.. හමුදාවම අවුලේ !

colombotoday

ට්‍රැක්ටර් රථයක් මාර්ගයේ බාධක දා නවතා තුනකට තඩිබෑ 11ක් අත්අඩංගුවට

Admin

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday