Colombo Today Local News

රථ වාහන සඳහා අවම දඩය රුපියල් 2500 – නව කාබන් බද්දක්ද පනවයි

baddaඅයවැය යෝජනා ඉදිරිපත් කළ මුදල් ඇමැති රවී කරුණානායක මහතා රථ වාහන සඳහා මෙතෙක් ක්‍රියාත්මක කළ අවම දඩය රුපියල් 2500 දක්වා වැඩි කර ඇතැයි කීය.

එමෙන්ම රථ වාහන සඳහා නව කාබන් බද්දක්ද පැනවීමට කටයුතු යොදා ඇත.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා සියයට සියයක පොලී සහනයක් මත රුපියල් ලක්ෂ 3ක ණයක් ලබාදීමට ද අය වැය යෝජනා මගින් තීරණය කර ඇත.

මේ අතර සිංහල හා දෙමළ බසට හඬකවා මෙරට රූපවාහිනී නාලිකාවල විකාශය කරනු ලබන විදේශීය ටෙලි නාට්‍ය හා චිත්‍රපට සඳහා පැය බාගයක කොටසකට අයකරන බද්ද රුපියල් 90000 සිට රුපියල් ලක්ෂ තුන දක්වා වැඩිකිරිමට පියවර ගෙන ඇත.

Related posts

ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 139ක් හදුනාගනී…

colombotoday

“හදිසි නීතිය පැනවීම ගැන එකඟ වන්නේ නැහැ”

colombotoday

2011 ලෝක කුසලාන තරගපවා දිම සම්බන්ධව මහින්දානන්දගෙන් පිටු 6ක පැමිණිල්ලක්

colombotoday

ජල ගාස්තු ප්‍රතිපත්තියක් සහ ජල ගාස්තු සූත්‍රයක් එයි

Admin

එජාපය යැවූ වැඩබලන ඇමතිවරුන්ගේ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

සිංහල, දෙමළ, මුස්ලිම් ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් හැදීම ජනපතිගේ බලාපොරොත්තුවයි

colombotoday