Colombo Today Local News

රටපුරා බල්ලන් විසි ලක්ෂයක් දඩාවතේ… ජලභීතිකාව හිස එසවීමේ අවදානමක්…

ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානමක් මතුව තිබෙන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කියයි. සුනඛයන් එන්නත් කිරීමේ ක්‍රියාවලිය වසර දෙකක කාලයක සිට අඩපණ වීම හේතුවෙන් මේ තත්ත්වය ඇතිව තිබෙන බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කෙළේය.

ජලභීතිකා රෝගය වැලඳීම හේතුවෙන් 2018 වසරේ අගෝස්තු දක්වා කාලය තුළ පුද්ගල මරණ 13ක් වාර්තා වී තිබෙන බවත් පසුගිය වසරේ (2017) ජලභීතිකා රෝගය වැලඳීමෙන් පුද්ගලයන් 23 දෙනෙක් මියගොස් තිබෙන බවත් රෝහණ මහතා වැඩිදුරටත් අවධාරණය කෙළේය.

මේ වසරේ (2018) සුනඛයන් ලක්ෂයකට (1,00,000) අධික සංඛ්‍යාවක් පමණ එන්නත් කර ඇතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව ජලභීතිකා රෝගය මර්දනය කිරීමට නම් අවම වශයෙන් මෙරට සුනඛ ගහනයෙන් 80%ක සංඛ්‍යාවක් වත් එන්නත් විය යුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙරට සුනඛ ගහනය ලක්ෂ 20කට අධික බවද උපුල් රෝහණ මහතා ප්‍රකාශ කෙළේය.

මීට වසර දෙකකට පමණ පෙර කැබිනට් පත්‍රිකාවක් මඟින් සුනඛයන් එන්නත් කිරීමේ කාර්යය සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබෙන බව මේ පිළිබඳව කළ විමසීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ ප්‍රකාශකයෝ සඳහන් කළේය. සුනඛයන් එන්නත් කිරීමේ කටයුතු සඳහා ප්‍රමාණවත් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් එන්නත් කිරීම් කටයුතු අඩපණ වී තිබෙන බවත් මේ හේතුවෙන් ජලභීතිකා රෝගය යළි හිස එසවීමේ අවදානම මතුව තිබෙන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

දිවයිනේ සෑම ප්‍රදේශයකම අයාලේ යන සුනඛයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බවද දක්නට තිබේ. වෙහෙර විහාරස්ථාන ආශ්‍රිතව සහ ග්‍රාමීය ප්‍රදේශයන්හි මෙම තත්ත්වය බෙහෙවින් දැකිය හැකි බවද වාර්තා වේ.

Related posts

ත්‍රස්තවාදීන් ගැන තොරතුරු ගන්න ආරක්ෂක අංශ ඥාණසාර හිමි හමුවෙන්න වැලිකඩ යයි

colombotoday

ජනපතිගේ ප්‍රකාශ නොසැළකේ.. “පුරුදු විදිහටම කරගෙන යන්න“ අගමැති FCID,CIDයට දන්වයි

colombotoday

මඩකලපුව කලුවන්චිකුඩි පොලිසිය වසා දමයි

colombotoday

සියලුම කෞතුකාගාර සංචාරකයින්ට යළි විවෘත කරයි

colombotoday

රටටම කොරෝනා බෝ වෙන්න තිබුණු අවධානමක් වේල්ල වීදිය පොලිසිය වළක්වා ගත් හැටි

colombotoday

අමාත්‍ය වාසුදේව නානායක්කාරටත් කොරෝනා

colombotoday