රජයේ සේවයකයන්ට වාහන ආනයනය කිරීම සදහා වන තීරුබදු රහිත බලපත්රය යළිත් ලබා දෙන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පවසනවා.
අයවැය කාරක සභා අවස්ථාවට සහභාගී වෙමින් අග්රාමාත්යවරයා පැවසුවේ වසර 10කට එක් වාහන බලපත්රයක් බැගින් ජීවිත කාලයටම වාහන බලපත් දෙකක් ලබා දීමට තීරණය කර ඇති බවයි.
රජයේ සේවකයන්ට ලබාදෙන වාහන බලපත්රය අහෝසි කිරීමට තීරණය කළේ බස්නාහිර පළාතේ වාහන තදබදය අවම කිරිමට බවත් ඔහු පැවැසීය.