Colombo Today Local News

රක්ෂිතයක් එලිපෙහෙලි කල 12 ක් අත්අඩංගුවේ. මුදා හරින්නැයි TNA මන්ත‍්‍රගෙන් පොලිසියට බලපෑම්

කිලිනොච්චිය චුණ්ඩිකුලම් රක්ෂිතයේ කැලෑ ප්‍රදේශයක් අනවසරයෙන් එලිපෙහෙලි කරමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට චුණ්ඩිකුලම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.

චුණ්ඩිකුලම් රක්ෂිත සීමාවේ කිසියම් පිරිසක් විසින් (03)දින සවස එලිපෙහෙලි කරන ලද බවට වූ තොරතුරක් මත චුණ්ඩිකුලම් අඩවිආරක්ෂක කාර්යාලයේ සහ කිලිනොච්චිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයට ගොස් එහි රක්ෂිතය අනවසරයෙන් එලිපෙහෙලි කරමින් සිටි 12 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.

අනතුරුව අදාල පුද්ගලියින් 12 දෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසුව චුණ්ඩිකුලම් අඩවි ආරක්ෂක කාර්යාලයට රැගෙන විත් ඇති අතර අදාල ස්ථානයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැමිණ අඩවි ආරක්ෂක නිලධාරීන් සමග සාකච්ඡා කොට ඇතත් එහි නිලධාරීන් නීත්‍යානුකූව කටයුතු කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අත්අඩංගුවට පත් චුණ්ඩිකුලම් ප්‍රදේශයේ පදිංචි 12 දෙනෙකු කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට චුණ්ඩිකුලම් අඩවිආරක්සක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.

-Lakna c news

Related posts

දිවුලපිටියේ පන්දම් විරෝධයට රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැරයෝ පහර දෙයි

Admin

ශිෂ්‍යත්වය හා උසස් පෙළ ගැන තීරණය ?

colombotoday

පේරාදෙණිය රෝහලෙත් හොර වද සැත්කම්… මුස්ලිම් දොස්තරවරිය අතුරුදන් !

colombotoday

පරෙවි දූපතට පිවිසීමට නව පාලමක් ඉදිකරන්න ජනපතිගෙන් උපදෙස්

colombotoday

“මෝඩ යකෙක්” ලේකම් ප්‍රධාන පුරවැසියෙකුගේ බැංකු ගිණුමෙන් සල්ලි ඇදලා මාට්ටු. තනතුරෙන් පන්නා දමයි.

colombotoday

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනපති වියත්ම සංවිධානයෙන් ඉල්ලයි

colombotoday