කොටි ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් යාපනය සරසවි සිසුන් ආරම්භ කර ඇති පාගමනට උතුරේ පාසලක සිසුවියන් බලහත්කාරයෙන් සම්බන්ධ කරගෙන ඇත.
මේ සඳහා මුල්වී ඇත්තේ ද්‍රවිඩ ජාතික පෙරමුණේ සෙල්වරාජා නරේන්ද්‍රන් නමැත්තෙකි.
මෙම සිසුවියන් පාසල් නිල ඇඳුමින්ම මාන්කුලම් සිට පුලියන්කුලම වෙත පාගමනින් පැමිණෙන අයුරු අවට සිටි පිරිස් දැක ඇත.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති අතර අනුරාධපුර සිරගෙයි සිටින යුද අපරාධ සිදු කළ කොටි නිදහස් කරන ලෙස සරසවි සිසුන් රජයෙන් ඉල්ලා ඇත.