Colombo Today Local News

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

සිංහරාජය වටා ඇති පරිවාර වනාන්තර නවයක් එකතුකොට එය වැසි වනාන්තර සංකීර්ණයක් ලෙස දක්වමින් සිංහරාජය තුන් ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකින් විශාල කිරී‍මේ අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තැබීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය නොවැම්බර් 11 වැනි දින කටයුතු කර තිබේ.

ඒ අනුව හෙක්ටයාර් එකොළොස් දහසක්ව පැවති වනාන්තර වපසරිය හෙක්ටයාර තිස්හය දහස් හාරසිය හැත්තෑ පහක් දක්වා මෙමගින් වැඩිකර ඇත. දෙල්වල වලන්කන්ද, පන්නිල, නාහිටිමූකලාන, මාදම්පෙ වනාන්තරය, බෙල්ලව, තිබුරාවල, හොරකන්තැලිය, රුහුණුකන්ද, මොරපිටිය යන පරිවාර වනාන්තර මෙසේ සිංහරාජයට අලුතින් ඇතුළත්ව තිබේ.

පරිසරවේදීන්ගේ දැඩි ඉල්ලීම මත සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත සිදුවූ මෙය මෑතකාලීනව පරිසර සංරක්ෂණය උදෙසා ගත් වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය.

මෙම කර්තව්‍යය සිදු කිරීම සඳහා දීර්ඝ කාලයක් ගත කිරීමට සිදුවූයේ එහි මිණුම් කටයුතු ප්‍රමාද වීම හේතුවෙන් බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.එම්.සී. වේරගොඩ පැවසීය.

මෙම පරිවාර වනාන්තර ඈත අතීතයේ සිංහරාජයේ කොටස්ව පැවති නමුත් පසුව ඒවා යෝජිත රක්ෂිත තත්ත්වයේ පවත්වාගෙන යාම මගින් නිසි රැකවරණයක් එම පරිවාර වනාන්තර සඳහා නොලැබුණු බව පැවසීය.

Related posts

මේ පාර්ලිමේන්තුව සුද්ද කරන්න ඕනේ

colombotoday

බුදුන් වහන්සේට අපහාසකළ, අබ්දුල් රාසික්ගේ තව්හිද් ජමාත් බදුල්ලේ ලොක්කා අත්අඩංගුවට…

colombotoday

නිරෝධායනයට පිරිසක් රැගත් බසයක් අනතුරකට ලක්වෙයි

colombotoday

ජිනීවා ශ්‍රී ලංකා තානාපතිගෙන් කොටින්ට රාත්‍රී භෝජන සංග්‍රහයක්… ශ්‍රී ලාංකික දේශප්‍රේමීන්ට වතුර උගුරක් නොදෙයි…

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

මා සමඟ ඇති වෛරය පිරිමහන්න ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන්න එපා – (හිටපු ජනපති පාර්ලිමේන්තුවේ කළ සම්පූර්ණ කතාව)

colombotoday