Colombo Today Local News

මෙහෙම ගියොත් මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ : GAMO

සේවකයින් 6000 අධික සංඛාවක් සේවය කරන හොරණ බොඩි ලයින් ආයතයෙන් වාර්තා වන ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යන අවස්ථාවේ එහි සිදුකරන PCR පරීක්ෂණ සතුටුදායක මට්ටමක නොපවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මාධ්‍ය වෙත අඳහස් දක්වමින් සඳහන් කර සිටියේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ ආරම්භ වී ඇති කොරෝනා පොකුර සමඟ ආරම්භ වුන අලුත් පොකුරේ ආසාදිතයන් 10,000 සීමාවට ලඟා වී ඇති බවත් එය සැලකිය යුතු තත්වයක් බවයි.

ආරම්භයේ සිට මාස 9කදී වාර්තා වී ඇති රෝගීන් ගණන 3,500 ක් බවත් මාසයක් වැනි කෙටි කාලයක් තුළ අලුත් පොකුරේ කොරොනා ආසාදිතයන් 10,000කට ආසන්න වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“ඊයේ දවසේ විතරක් 445ක් ඒ 445ම සමාජය තුළින් හෝ ඒ පිරිස තමයි හම්බ වෙලා තියෙන්නේ. මේ හරහා අපිට කියවෙන දේ තමයි ජනතාව ආරක්ෂා කර ගන්න පියවර ගත යුතුයි කියන කාරණය.

ඊයේ දවසේ මරණ දෙකක් වාර්තා වුනා. මරණ සමාලෝචනයක් සිදු කළ යුතුයි. මරණ අතරේ සම්බන්දයක් තියනවද ? පෑලියගොඩ , මිනුවන්ගොඩ පොකුර එක්ක මේ මරණ සම්බන්දයක් තියද ? මේ එකක්වත් මේ දක්වා පැහැදිළි වෙලා නැහැ. සෞඛ්‍ය අමාත්‍යංශයට අපි ඕනෑ කමින් කියනවා මේකට අවශ්‍ය යාන්ත්‍රනය හදන්න කියලා. එහෙම නැතිවුනොත් එහෙම මේ සිද්ධ වෙන මරණ වලට සෞඛ්‍ය අමත්‍යාංශය වගකියන්න ඕනේ”

Related posts

හජ් දා ඝාතනය කළ ගවයන්ගේ ලේ දින දෙකක් පුරා වැල්ලවත්ත ඇළ දිගේ ගලයි !

colombotoday

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

ජනාධිපති කාර්යාලය අසල උණුසුම් තත්ත්වයක්…

colombotoday

අසනීපයි එන්න විදියක් නෑ සත්තයි හොද වුන ගමන් එනවා- CIDයට කරුණා අම්මාන් දන්වයි

colombotoday

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

රනිල්ගේ රැලි 30ක් කැන්සල්

Admin