Colombo Today Local News

මුස්ලිම් කටයුතු ඇමති වහා මාරු කළ යුතුයි… මේ පරීක්ෂණ කටයුතුවලට ස්වාධීනත්වයක් ඕන – හමුදාපති

මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා වහාම මාරුකර එම අමාත්‍යාංශය වෙනත් උගත් බුද්ධිමත් අයකුට පැවරිය යුතුව ඇතැයි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පැවැසීය. මෙම අමාත්‍යාංශය මුස්ලිම් ඇමැතිවරයකුටම දිය යුතු නැහැ. වෙනත් ආගමිකයකුට වුවත් පැවරිය හැකියි.

මූලධර්මවාදීන් සහ අන්තවාදීන් පිළිබඳව අපට නිතර නිතර ඇහෙනවා. වත්මන් මුස්ලිම් කටයුතු පිළිබඳ ඇමැතිවරයා මේවා නිසි ලෙස සොයා බලන්නේ නැහැ. කොටින්ම කියතොත් ගෙදර ඉන්න මිනිහා තමාගේ ගේ පරීක්‍ෂා කරනවා වගෙයි. මෙම පරීක්‍ෂණ කටයුතුවල ස්වාධීනත්වයක් ඕනෑ. එතකොට ප‍්‍රශ්නය විසඳෙයි.

මුස්ලිම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශය කළ යුතු රාජකාරිය හමුදාවට, පොලිසියට සිදුකරන්න වෙලා. වහාම මෙම අමාත්‍යාංශය මාරු කිරීම වැදගත් වෙනවා.

දිවයින

Related posts

කුරියල් ආයතනයකට එවූ කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

colombotoday

එල්ලා මරා දැමීම ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් 9 දක්වා යලි අත්හිටුවයි

colombotoday

අධිවේගයට බිලි වෙන්න ගිය පඬුකරද ගස සසුන්ගත කෙරේ

colombotoday

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරමින් තිබූ ලංගම බස්රථයක් අනතුරක

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිදුවීමට අදාළ නොතරතුරු රැසක් හෙළිවේ

colombotoday

ඉබ්‍රහිම් ගැන අවොබෝදයක් තිබ්බේ නෑ. | ජනතා විමුක්ති පෙරමුණ

colombotoday