Colombo Today Local News

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවු මත් කුඩු ජාවාරමකට සම්බන්ද තිදෙනෙකු අත්අඩංගුවේ

මීගමුව බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලැබු මත් කුඩු හා මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය සමත්ව ඇත.

මීගමුව බන්ධනාගාරයේ සිට හෙරොයින් හා ගංජා ජාවාරම් සිදු කරන බවට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදු කර ඇති අතර එහිදී කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවය කරන සැරයන්වරයෙකු ඊයේ (20)දින සවස සීදුව, ධීවර තොටුපළ මාර්ගයේ දී හෙරොයින් ග්‍රෑම් 100ක් හා කේරළ ගංජා ග්‍රෑම් 400ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුගෙන් කරන ලද වැඩිදුර විමර්ශනවල දී මීගමුව බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙයවන රැඳවියෙකුගේ බිරිඳ හා සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් ද සොයාගෙන ඇත.

බන්ධනාගාරයේ සිට මෙම ජාවාරම මෙහෙයවන පිරිස් නිරන්තරයෙන් ජංගම දුරකථනයෙන් ඉහත සඳහන් කළ සැකකරු හා ඔහුගේ බිරිඳට ඇමතුම් ගන්නා බවත් ඔහුගේ උපදෙස් මත මෙම පුද්ගලයින් විසින් මත්ද්‍රව්‍ය විවිධ පුද්ගලයින් වෙත රැගෙන ගොස් භාර දෙන බවටත් අනාවරණය වී ඇත.

ඉන් ලැබෙන මුදල් ජාවාරම්කරුගේ බිරිඳගේ ගිණුමකට බැර කරන බවත් තහවුරු වී ඇත.

Related posts

ගබඩා කර තිබූ ලක්ෂ පහක තෙල් මාරවිලින් අල්ලයි

colombotoday

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත මැතිසබයට

Admin

ජනපතිගේ ඉල්ලීම් තුනක් මනෝ ගනේෂන් ඉවත දමයි….

colombotoday

දෙමළ ජාතික සන්ධාන ශිවඥානම් ශ්‍රීධරන් මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක්

colombotoday

දුෂණ විරෝධී පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

Admin

අම්බලන්ගොඩ කොහු මෝලක් ගිනි ගනී

colombotoday