Covid 19

මිනුවන්ගොඩ – පෑලියගොඩ කොරෝනා පොකුර 6000 පනී

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 6,145 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ (29) දිනය තුළ පමණක් ආසාදිතයින් 586 දෙනෙකු හඳුනාගැණුනි.

ඔවුන්ගෙන් 115 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේය.

ආසාදිතයින් 467 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැළ සහ ධීවර වරායන් ආශ්‍රිතව හඳුනාගෙන තිබේ.

ඉන් 50 දෙනෙකු මීගමුව ධීවර වරාය ආශ්‍රිතව හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු සහ ඉන්දුනීසියානු නාවිකයින් තිදෙනෙකු ආසාදිතයින් බවට ඊයේ හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 9,791 දක්වා ඉහළ ගොස් තිබේ.

ඔවුන්ගෙන් 5,630 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

Related posts

මහ බැංකු ආපනශාලා සේවකයෙකුට කොවිඩ්

colombotoday

ඇඹිලිපිටියේ 72ක් PCR පරීක්ෂණයට

colombotoday

තවත් කොවිඩ් මරණ 07ක්

colombotoday

ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.

colombotoday

මට්ටක්කුලිය මුවදොර උයන මහල් නිවාස සංකීර්ණයේ 14 ට කොරෝනා

colombotoday

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාව සියය ඉක්මයි

colombotoday