Colombo Today Local News

මහනුවර නගර සීමාවේ අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි හඳුනාගනී

මහනුවර නගර සීමාව තුල අවදානම් තත්ත්වයේ පවතින ගොඩනැගිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් පත්කරන ලද කමිටුවේ විමර්ශන වාර්තාව අද (12)දින ඔහුට භාර දී ඇත.

එම කමිටු‍ව මගින් සති 3ක පමණ විමර්ශනය සිදුකර තිබේ.

මධ්‍යම පළාත් ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ඩබ්.එම්.ඒ. වික්‍රමසිංහ මහතාගේ සභාපතීත්වයෙන් මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන් මහතා ඇතුළු සමාජිකයන් 25 දෙනෙකුගෙත් සමන්විත වු මෙම ස්වාධීන කමිටුව මගින් මහනුවර නගරයේ තෝරාගත් ගොඩනැගිලි 20ක් පදනම් කරගනිමින් මෙම පරීක්ෂණය දියත් කර තිබු අතර, එහිදී අවදානම් මෙන්ම දැඩි අවධානම් මට්ටමේ පවතින ගොඩනැගිලි කමිටුව විසින් හඳුනාගෙන තිබේ.

වාස්තු විද්‍යාව, ගොඩනැගිලි රෙගුලාසි, භූ විද්‍යාව, භූ තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව, ජල හා අප ජල කළමනාකාරණය යන ක්ෂේත්‍ර පදනම් කරගනිමින් අදාළ විමර්ශන කටයුතු ක්‍රියාවට නැංවීමට තම කමිටුව කටයුතු කළ බවත් ජනතාව වැඩි වශයෙන් ගැවසෙන සහ පාසල් සිසුන් වෙත අවදානමක් වන පරිදි ඉදිකර ඇති ගොඩනැගිලි සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමු කළ බවත් එම කමිටුව පවසයි.

අවදානම් ගොඩනැගිලි පිළිබඳව කටයුතු කළ යුතු ආකාරයන් පිළිබඳව නිර්දේශයන්ද ඇතුලත් කර මෙම වාර්තාව සකසා ඇති බවත් මෙහිදී මහාචාර්ය එස්.බී.එස්.අබේකොන් මහතා සඳහන් කළේය.

Related posts

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

colombotoday

වීසා ක්‍රමවේදයේ වෙනසක්

Admin

ජනතාව ෆ්ලැට් වෙන්නම බදු ගසා රවී සුපිරි වාහනයක් ගෙනෙයි.. රජයට කෝටි 3ක බදු පාඩුවක් !

colombotoday

මේ වසරේ සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරන්න යයි

Admin

පේක්ෂා රෝහලේ රේඩියෝ තෙරපි යන්ත්‍රයේ අලුත්වැඩියා කටයුතු අවසන්

colombotoday

උපන්දිනය සමරා පාසල තුල මත්පැන් සාදයක් දැමු සිසුන් පිරිසක් පිළිබද පරීක්ෂණ

colombotoday