Colombo Today Local News

මල්වඩම් ගැන කතා කරන අයට දකුණට මළමිනී ඒම නතර කරපු නායකයා අමතක වෙලා – නිරෝෂන් ප්‍රෙම්රත්න

niroshan premarathna

මල්වඩම් ගැන කතාකරන අයට එදා 2009 මැයි 19‍ට පෙර සිය ගණනික් උතුරේ සිට දකුණට ආපු මළමිනී ඒම නවතපු නායකයා ගැන අමතක ගොස් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරතන් මහතා පවසයි.

අතීතය අමතක කරමින් අද මල්වඩම් ගැන කතා කරන නායකයන් එදා රණවිරුවන් මියයෑම නවතා දමමින් යුද්ධය නිමා කිරීමෙන් මේ දක්වා රටට ඉතිරිවන මුදල් ගැන වචනයක්වත් කතා ‍නොකරන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.

‘හටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සංවේදී රාජ්‍ය නායකයෙක් විදිහට මළ ගෙදරකට මල්වඩමක් යැව්වා. ඒකට රුපියල් දාහක් දෙදාහක් වැයවෙන්න ඇති. හැබැයි රණවිරුවෙක් මියගියාම එදා අවමංගල්‍යයට රජයෙන් ලක්ෂයක් දෙකක් වියදම් කළා’

අද ඒ වියදමට වඩා රණවිරුවන්ගේත් සාමාන්‍ය ජනතාවගේත් ජීවිත ආරක්ෂා වෙලා තියනවා. මේවා ගැනයි කතා කරන්න ඕනෑ යැයිද ‍නිරෝෂන් ප්‍රේමරන්ත මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

ජාතිවාදී ගිනි අවුලන විග්නේෂ්වරන්ගේ ප්‍රකාශයට විපක්ෂයෙන් විරෝධයක්

colombotoday

හිස් වූ අමරකීර්තිගෙන් පාර්ලිමේන්තු අසුන ජගත් සමරවික්‍රමට

colombotoday

දෙකෝටියක අල්ලස් ගනිද්දී අතටම හසුවූ ජනාධිපති කාර්මණ්ඩල ප්‍රධානියා රිමාන්ඩ්

colombotoday

මීළග මෙහෙයුමට ගෝඨාභය සූදානම්… ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කරගනී ??

colombotoday

සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ප්‍රමාදයක්

Admin