Uncategorized

මන්ත්‍රී බන්දුලට මහේලගෙන් අවවාදයක්

මෙවර උසස් පෙළ විභාගයේ කලා අංශයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථමස්ථානය ජාත්‍යන්තර පාසලක සිසුවියක් දිනාගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ප්‍රකාශය හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක් මගිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

මන්ත්‍රීවරයා සිදුකළ ප්‍රකාශය මගින් ජාත්‍යන්තර පාසල්වල දරුවන්ට ජාත්‍යන්තර විභාග සඳහා පමණක් පෙනී සිටීමට සිදුවන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් බන්දුල ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍ය ධූරයෙහි කටයුතු කරන සමයේ ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ජාතික මට්ටමේ විභාගවලට පෙනී සිටීමට ඉඩ ලබා නොදුන් බවද එහි දක්වා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ සහ පෞද්ගලික උපකාරක පන්ති ගුරවරයෙකු ලෙස කටයුතු කළ බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ එම ප්‍රකාශය මගින් ජනතාව නොමග යැවීමට උත්සාහ කර ඇති බවයි අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දෙන්නේ.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවකු වන මහේල ජයවර්ධන  විසින්ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදුකර ඇති ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ පුද්ගලික සහ රජයේ පාසල්වලින් ලබාදෙන අධ්‍යාපනය වෙන් කර දැක්විය නොහැකි බවයි.

එමෙන්ම අනාගත දරුවන්ගේ ඉදිරි කටයුතු සඳහා ශක්තිය හා ධෛර්යය නිරතුරුව ලබාදිය යුතුව ඇති බව පවසන මහේල ජයවර්ධන, උසස් පෙළ විභාගයෙන් ජයග්‍රහණය කළ සියලු සිසු සිසුවියන් වෙත සුභ පැතුම් එක් කිරීමටද අමතක කර නැහැ.

පෞද්ගලික විද්‍යාලයකින් අධ්‍යාපනය හදාරා දිවයිනේ පස් වන ස්ථානය හිමි කරගත් සිසුවිය වෙත මහේල ට්විටර් පණිවුඩය මගින් විශේෂ සුභ පැතුම් එක් කර තිබීමද විශේෂත්වයක්.

Related posts

බී.ඕ.අයි ඉල්ලා අස්වීම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday

යහපාලන වේදිකාවේ උඩ දම දමා පතුරු ගැසූ දූෂණ චූදීතයා “සජින් වාස්“ – සජිත්ගේ සහයට එක්වෙයි

colombotoday

රටම කැළඹු කෝටි 500යේ දියමන්තිය දියමන්තියක් නොවේ වෙනත් පාෂාණයක්ලු

colombotoday

හිටපු ඇමති රොෂාන්ට වාරණයක්!

Admin

වැලිකඩ බදු දෙයි

colombotoday