ඩුබායි බලා යන්නේ පතාළ නායක මදූෂ්ගේ සාදයකට සහභාගී වීමට බව එහි යාමට පෙර තමා දැනසිටි බව ගායක නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ ප්‍රශ්න කිරීම්වල දී පවසා තිබේ.
එහිදී ඔහු පවසා ඇත්තේ සිය පියා වන අමල් පෙරේරා තමා ඒ පිළිබඳ දැනුම්වත් කළ බවය.
එසේම රුධිර සහ මුත්‍ර පරීක්ෂණවල දී තමා සහ බන්ධනාගාර නියාමකවරයා ඒ අවස්ථාවේ මත්ද්‍රව්‍ය ගෙන නොමැති බව හෙළි වීමෙන් පසු මෙරටට පිටුවහල් කළ විට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබා දුන්නේ මදූෂ්ගේ අනියම් බිරිඳ බව ද ඔහු හෙළි කර තිබේ