යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන නොවැම්බර් මාසයේදී එම සංගමයේ නියෝජිතයෙකු මෙරටට පැමිණීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් කාර්යාලයේ තානාපති ඩේවිඩ් ඩේලි සඳහන් කළේ එම නියෝජිතයා ලක් රජය සමඟ දැනට පවතින මත්ස්‍ය තහනම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දෙපාර්ශවය අතර සිදුවන සාකච්ඡාවලින් අනතුරුව සාර්ථක විසඳුමකට පැමිණිය හැකි බවට තමන් විශ්වාස කරන බවයි.