Colombo Today Local News

බෝම්බ අත්හදා බැලීමකදී තුවාල වූ සහරාන්ගේ මල්ලී කොළඹ ගෙන්වා ප්‍රතිකාර කිරීමට හකීම්ගේ සහය…

බොම්බයක් අත්හදා බැලීමකදී තුවාල ලැබූ සහරාන් හෂීම්ගේ සොහොයුරා පෞද්ගලික රෝහලකින් රජයේ රෝහලක් වෙත මාරු කිරීමට අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සහාය ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව  පැවැසීය.

සහරාන්ගේ සොහොයුරාද පසුව කාන්තාන්කුඩියේදි මරාගෙන මැරෙන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය.

“අපි පැහැදිලිවම දන්නවා සහරාන්ගේ මල්ලි කරළියට එන්නේ බෝම්බ පිපිරීම් සිද්ධියක් එක්කයි. බෝම්බ පිපිරීමකදී පෞද්ගලික රෝහලකින් මේ පුද්ගලයා ප‍්‍රතිකාර ගන්නවා.   පසුව දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත රජයේ රෝහලකට මාරුකර යවනවා.

අද රවුෆ් හකීම් කියන්නේ එවැනි පුද්ගලයෝ මාත් එක්ක  ඕන තරම් කතා කරනවා කියලයි. අපි අහන්නේ සහරාන්ගේ මල්ලිට  රෝහල් ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා උදව් කිරීමට තරම් හකීම් ඇමැතිවරයාට ඒ අයත් එක්ක පැවැති  සම්බන්ධය කුමක්ද කියලයි.”

Related posts

විල්පත්තු සංහාරය අනුමත කරන්නේ නෑ – මහින්ද

colombotoday

‘වැට් බද්දෙන් ව්‍යාපාරිකයා සුනේ සුන්’.. ඉතිහාසයේ මුල්වරට ගම්පහත් හර්තාල්

colombotoday

පේරාදෙණිය සරසවිය වැසෙයි

colombotoday

චීනයේ සිට ආ සිසුන් දියතලාවට ගෙන ඒම නවතනු – මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්

colombotoday

NGO ඒජන්තයාගේ වෙළඳ ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය !

colombotoday

කැබ් රථයකින් වැටී 15ක් රෝහලේ..

Admin