Colombo Today Local News

බොරැල්ලේ ට්‍රැෆික් OIC යටකර පලාගිය ඩිෆෙන්ඩරයේ රියදුරුට ඇප…

ඉකුත්දා බොරැල්ල පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කිරීමේ සිද්ධියේ ඩිෆෙන්ඩර් වාහනය පැදවූ රියදුරු වන නවිදු රත්නායක ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත.

ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ 05 ක්  බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය නියෝග කළේය.

පොලිසිය අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුවේ සැකකරුවන්ට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 298 වන වගන්තිය යටතේ මහාධිකරණය හමුවේ නඩු පැවරීම සඳහා නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවය.

ඒ අනුව නඩුව නැවත අප්‍රේල් මස 22 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය එදින මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 08 දෙනාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කරන ලදි.

Related posts

“මේක ආණ්ඩුවක් නෙවෙයි පාණ්ඩුවක්.. UNPකාරයන්ට ඕන විදිහට අපි නටන්න ලෑස්ති නෑ

colombotoday

අන්තරේ ට කොළඹදී පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

හදිසි නීති හා මුදල් සංශෝධන පනත්වලට ජවිපෙ විරුද්ධයි

colombotoday

පන්සල්, පාසල් ආසන්නයේත් තැබෑරුම් ඇරීමට අවසර දීමට සූදානම්.. ජනපතිකෙනෙක් රටට කුමටද?

colombotoday

19 අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday

දරුවන් දෙදෙනා ගේ ගෙල කපා සියදිවි හානි කරගත් පියා

Admin