Colombo Today Local News

බදියුදීන් මොහොමඩ්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ

පාස්කු ඉරුදින ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රහස් පොලීසිය විසින් රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය රිෂාද් බදීයුදීන් මහතාගේ සොහොයුරෙකු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා නිදහස් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.‍

මෙම පෙත්සම අද (18) ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම සලකා බැලීම සඳහා ජුලි මස 6 වන දා කැඳවීමට අධිකරණය නියම කළේය.

අත්අඩංගුවේ පසු වන බදියුදීන් මොහොමඩ් රියාජ් නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර තිබේ.

පෙත්සම්කාරිය කියා සිටින්නේ තම සැමියාට පාස්කු දින එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවය.

තම සැමියා අත්අඩංගුවට ගැනීමේදී රහස් පොලීසිය මගින් කිසිඳු හේතුවක් නොදන්වා සිටි බවත් මේ දක්වා ඔහු කිසිදු අධිකරණයකට ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කාරිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවසා සිටි බව වාර්තා වේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ දේශපාලන ප්‍රතිරූපයට හානියක් කිරීමේ අරමුණින් තම සැමියා අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඇය සිය පෙත්සමෙන් සඳහන් කර ඇති තිබේ.

ඒ අනුව අත්අඩංගුවේ පසුවන සිය සැමියා නිසි අධිකරණයක් හමුවට ඉදිරිපත් කර ඔහු නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

Related posts

දින 08කට පසු ගෑස් සිලින්ඩර් 50,000 ක් අද වෙළෙඳපොළට..

colombotoday

Video – බදුර්දීන්ගෙන් විල්පත්තුව බේරා, පරිසරයට යුක්තිය දෙන්න පරිසරවේදියෝ වීදි බසිති

colombotoday

අභාවප්‍රාප්ත හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරාගේ දේහය පාර්ලිමේන්තුවට

Admin

දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විශේෂ ජනපති කොමිසමක්

colombotoday

පාකිස්තානු සිරකරුවා බන්ධනාගාර රෝහලේදී මියයයි

colombotoday

මුහුදු සීමාව පැන මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14කට වැඩ වරදී

Admin