Colombo Today Local News

පොහොට්ටුව සහ ශ්‍රිනිප දීගය හරිගියහොත් ගෝඨා ජනපති, මහින්ද අගමැති, මෛතී‍්‍ර කථානායක

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සහ පොදුජන එක්සත් පෙරමුණ අතර සාකච්ඡා සාර්ථක වී ජනාධිපතිවරණයේදී පොහොට්ටු සන්ධානය ජයග‍්‍රහණය කළහොත් එළැඹෙන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්‍ෂ මහතාද, අගමැති ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා ද, කථානායක ලෙස මෛති‍්‍රපාල සිරිසේන මහතා ද පත්කර ගැනීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

 පසුගිය අගෝස්තු 27 වැනිදා ශී‍්‍ර ලනිපය හා පොදුජන එක්සත් පෙරමුණ අතර විපක්‍ෂනායක කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වනු ලැබූ අතර, එහිදී මෙම කාරණාව සාකච්ඡාවට බඳුන් වී තිබුණේ නැත. එහෙත් මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන් විශේෂයෙන් එම පක්‍ෂවලට සම්බන්ධ විද්වතුන්, වෘත්තිකයන් අතර මෙය විශේෂ යෝජනාවක් ලෙස කතාබහට ලක්ව ඇති බව වාර්තා වේ.

 ඒ අතරම එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයා ලෙස කිසිවෙකුත් නම් නොකරන තත්ත්වයක් තුළ එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ අපේක්‍ෂක උත්සාහය බිඳවැටෙන තත්ත්වයක් මතුව ඇතැයි වාර්තා වේ. ඒ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වීමේ වැඩි ඉඩකඩක් ඇතැයි එක්සත් ජාතික පක්‍ෂයට සම්බන්ධ තොරතුරු හෙළි කරයි. එමෙන්ම එජාපයේ අපේක්‍ෂකයා ලෙස නියත වශයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතාම ඉදිරිපත් වීමේ සූදානමක් ඇති බවද වාර්තා වේ.

Divaina

Related posts

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin

බුදු හාමුදුරුවෝ ගංජා දුමාරය ආස්වාස ප්‍රාස්වාස කරා – හිටපු ජෙවිපේ අපේක්ෂකයෙක් බුදුන්ට අපහාස කරයි

colombotoday

“වනජීවී නිලධාරිණිය කතාකළ විදිහ වැරදියි…” තවත් මන්ත්‍රී කෙනෙක් උම්බෑ කියයි…

colombotoday

“සැබෑ සංහිඳියාව මරා දමා චන්ද්‍රිකාගේ සංහිඳියාව යටතේ ජාතිවාදය පැටවු ගහනවා“ – විමල්

colombotoday

සූර් වෙන්න අලුත් කාලසටහනක් එයි !

colombotoday

අගමැති පාර්ලිමේන්තුවට ඉදිරිපත්කල ‘නව ව්‍යවස්ථා මණ්ඩල ස්ථාපන යෝජනාව’ මෙන්න

colombotoday