Colombo Today Local News

පොලිස් අත්අඩංගුවේ සිටි අයෙක් මිය යයි.

නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියේ අත්අඩංගුවට පත් වූ සැකකරුවෙකු මියගොස් ඇති බවට වාර්තා වෙනවා.

මෙම සැකකරු උඩුබද්ධාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, ඊයේ පස්වරුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදියකින් දුම්මලසූරිය පොලීසියට රැගෙන එමින් සිටියදී ඔහුට ක්ලාන්ත තත්ත්වයක් හටගෙන ඇති බව පොලීසිය පවසයි.

එහිදී සැකකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සදහන්.

මියගොස් ඇත්තේ 48 හැවිරිදි උඩුබද්ධාව, මහආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි

Related posts

මේ ආණ්ඩුවෙයි ගිය ආණ්ඩුවෙයි වෙනසක් නෑ – ආචාර්ය නිර්මාල් රංජිත් කණගාටුවෙන්

colombotoday

ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වය පිළිගන්නැයි රජයට නිර්දේශ කෙරේ !

colombotoday

ඉන්ධන මිල රු.5 කින් පහළට

colombotoday

මැයි 30 සිට මේ දක්වා අපරාධකරුවන් වෙඩි තබා කළ ඝාතන 26ක්

colombotoday

මාවනැල්ලලේ කළුගල් කැඩීමට රැගෙන ආ පුපුරන ද්‍රව්‍ය කිලෝ 19ක් අතුරුදන්. | පරීක්ෂණ සී.අයි.ඩී.යට

colombotoday

‘සිනොපෙක්’ ඉන්ධන රුපියල් 3ක් අඩුවට

Admin