Colombo Today Local News

පැය 48ක් ඇතුළත ඇමති මණ්ඩලය පත්කර අතුරු සම්මත ගිණුමක් ගේනවා

පැය 48ක් තුළ අමාත්‍ය මණ්ඩලය පත්කර 2019 වසරට අදාළ රාජ්‍ය වියදම් සඳහා අත්‍යවශ්‍ය අතුරු සම්මත ගිණුමක් සම්මත කිරීමට අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

අද (16) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කල අතර අදාළ කැබිනට් මණ්ඩල සාමාජිකයන් ප්‍රමාණය 30 ක් විය යුතුව ඇති බවද ඔහු පැවසීය.

ඒ බව 19 වන සංශෝධනය තුළ පැහැදිළිව දක්වා ඇති බවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යධුර ලබාදීමද ඊට අනුව සිදුවිය යුතු බවද මන්ත්‍රීවරයා පවසයි.

මේ අතර මාධ්‍යවේදියකු විමසා සිටියේ රවී කරුණානායක මන්ත්‍රීවරයා වෙත මුදල් අමාත්‍යංශය ලබාදීමේ සූදානමක් පවතීද යන්නය. ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ පක්ෂනායක හමුවේදී එවැන්නක් සාකච්ඡා නොවූ බවය. එහෙත් අමාත්‍යධුර සම්බන්ධව මේ වන විටත් විවිධ කරුණු යෝජනා සාකච්ඡා වෙමින් පවතින බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

ඇලෝසියස්ගෙන් මම රුපියල් සීයක්වත් අරන් තිබුණා නම් ඉවරයි

colombotoday

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin

වී වගාකළ හෙක්ටයාර් 114,729ක් විනාශයි.. අස්වැන්නෙන් මෙ.ටොන් තුන්ලක්ෂ පනස් දහසක් අහිමියි !

colombotoday

නිරෝධායනයට බෑ කියා කටුනායක අදත් පිරිසක් යකා නටයි !

colombotoday

රියදුරු බලපත් ගන්න ගිහින් මත් ලෝලීයෙක් බව හෙළි වූවොත් දිවි ඇති තෙක් ලැබෙන දඬුවම

colombotoday

රොෂාන් රණසිංහව අමාත්‍යධුර වලින් ඉවත් ක‍රයි

Admin