Colombo Today Local News

පසුපෙළ විරෝධය නිසා අය-වැයට පෙර කැබිනට් ඇමැති 2ක් අස් වීමට යයි

අය _ වැය විවාදයට පෙර හෝ අය – වැය විවාදය අතරතුර කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු අනිවාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතු බවත් නොමැති නම් අදාළ අමාත්‍යවරුන් දෙදෙනාගේ වැය ශීර්ෂ සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 20 දෙනකු අනිවාර්යයෙන්ම සහභාගි නොවීමට තීරණය කර තිබෙන බවත් එක්සත් ජාතික පක්ෂයේ එම මන්ත්‍රිවරුන් 20 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රිවරයෙක් පැවසූ බව සති අන්ත පුවත්පතක් වාර්තා කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බවද එම මන්ත්‍රිවරයා සඳහන් කර ඇත.

තමන්ට දැනගැනීමට තිබෙන ආකාරයට මෙම කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනා අය – වැය විවාදය ආරම්භ වීමට පෙර බොහෝදුරට ඉල්ලා අස්වීමට ඉඩ තිබෙන බවද එම මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

මීට අමතරව රැකියා ලබාදීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සාධාරණ ආකාරයකට රැකියා ලබා නොදී තමන් පමණක් රැකියා අවස්ථා 3,500කට වඩා අධික සංඛ්‍යාව බැගින් ලබාදී තිබෙන කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු පිළිබඳව දැනට තොරතුරු වාර්තා වී තිබෙන බවත් ඒ ගැන හොඳ අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව එම අමාත්‍යවරුන් දෙදෙනා ගැනද රටට හෙළි කිරීමට මන්ත්‍රිවරුන් 20 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබෙන බවද එම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

Related posts

සමාජ ජාලාවලින් මේවා කරොත් හමුදා සාමාජිකයන්ට වැඩ වරදී – හමුදාපතිගෙන් නියොගයක්

colombotoday

මුහුද රළු වෙයි.. මීටර් 3.5ක් දක්වා රළ ඉහළ යා හැකියි.. වෙරළබඩ ජනතාවට අනතුරු අගවයි

colombotoday

පාරිභෝගිකයන්ට අසාධාරනකම් කරන ලීසිං සමාගම්වලින් මහබැංකුවේ උසස් නිලධාරීන්ට වැටුප් සහ විදේශ සංචාර

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් වත්තලදී අත්අඩංගුවට

colombotoday

මහාමැතිවරණය පැවැත්විය හැකියි

colombotoday