Colombo Today Local News

පරිසර රාජ්‍ය ඇමති අත්අඩංගුවට ගැනීමට නියෝග !

පරිසර රාජ්‍ය ඇමැති ජයන්ත සමරවීර මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද(17) වරෙන්තු නිකුත් කළාය.
 
කුරුඳුවත්ත පොලිසිය මගින් මෙහෙවන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී නොසිටීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරිය විසින් මෙසේ වරෙන්තු නිකුත් කරන ලදී.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව මං මාවත් පනත උල්ලංඝනය කළැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුලූ සැකකරුවන් 6 දෙනා සම්බන්ධ නඩුව අද කැඳවූ අවස්ථාවේ  මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළාය.

Related posts

ලාහුගල වනඋද්‍යානයේ නිධන් හාරමින් සිටි 8 ක් කොටුවේ.

colombotoday

දිවයිනේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

colombotoday

පුද්ගලයෙකු ඝාතනය කළ සිව්දෙනෙකුට මරණ දඬුවම

Admin

අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සීග්‍රයෙන් ඉහළ යෑම ස්ථිරයි

Admin

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

Admin

රුසියා තේ වෙළදපොලේ ලංකාවට අහිමිවුණු කොටසට කෙන්යාව මානබලයි !

colombotoday