Colombo Today Local News

පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

ලබන වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර මුල් මාස කිහිපයේ රජයේ වියදම් පියවා ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ සඳහා මුදල් ඇමැති මංගල සමරවීර මහතා විසින් අද (13) පැවැති කැබිනට් රැස්වීමේදී ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මේ වසර අගදී ජනාධිපතිවරණයත් ලබන වසර මුදලී තවත් මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබීමත් සැලකිල්ලට ගනිමින් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව අදාළ පරිපූරක ඇස්තමේන්තුව ලබන නොවැම්බර් මස මැදදී පමණ  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවැසේ.

Related posts

රාජද්‍රෝහීව කටයුතු කර හෝ මේ මෘග ආණ්ඩුවෙන් රට බේරාගැනීමට දැන් සිදුවෙලා තිබෙනවා

colombotoday

ජනපති සහ බැසිල් අතර හමුවක්

colombotoday

මෙන්න තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවක්

Admin

කොළඹ හතේ ගෙයක් බින්ද ප්‍රබල ඇමතියෙක් ළගදීම අත්අඩංගුවට

colombotoday

පුරවැසි බලයට සාධාරණ සමාජය උරණ වේ.. යහපාලක සභාවේ ගුටි කෙළියක් 99න් වළකී !

colombotoday

රත්නපුර නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය

Admin