Colombo Today Local News

නීතිවිරෝධීව පැවැත්වු ‘ආවා’ කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් වටලයි

යාපනය මරුදනගර් ප්‍රදේශයේදී නීතිවිරෝධීව උපන්දින සාදයකට සහභාගී වූ තරුණයින් 26 දෙනෙකු ඊයේ (15)දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය පවසයි.

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලි නායකයෙකුගේ උපන්දින සාදයක් නීතිවිරෝධීව පැවත්වෙන බවට යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් විසින් අදාල උපන්දින සාදය පැවති ස්ථානය වටලා සිදු කරන ලද සෝදිසියකදී එහි සිටි 26 දෙනෙකු හා යතුරුපැදි 08 ක් අත්අඩංගුවට ගෙන ඇත.

නිරෝධායන නීතියට පටහැනිව රැස් වීම හා නියමිත් සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය නොකොට උපන්දින සාදය පැවත්වීම යන චෝදනා මත මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිසෙහි සාමාජිකයින් මීට පෙර පහරදීම් හා මංකොල්ල කෑම් මෙන්ම ආවා කල්ලි වැනි කල්ලිවලට සමබන්ධ පිරිස්දැයි යන්න සෙවීමටද පරික්ෂණයක් යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

අත්අඩංගුවට ගත් පිරිස් මරුදනගර් ඇතුලු යාපනය ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර එම පිරිස් යාපනය අධකිරණය වෙතට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවටද යාපනය පොලීසිය වැඩි දුරටත් පැවසීය.

Related posts

දංඹ්විට රබර් අත් මේස් කර්මාන්ත ශාලාව ගින්නෙන් විනාසයි

Admin

පාස්කු ප්‍රහාරය : ජනපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව පාර්ලිමේන්තුවට

colombotoday

ඉන්ධන අවසන් කියූ පසු හමුදා සෙබළාගේ අත කපලා

colombotoday

චීනයෙන් ලැබුණු ඖෂධ තොගය කටුනායකදී භාර ගනී

colombotoday

ආණ්ඩුව වැට් පනත අකුලා ගනී.. නියමිත ක්‍රමවේදයට අලුත් පනතක් ගෙනෙයි !

colombotoday

පක්ෂයක් වෙනුවට කණ්ඩායමක් හදාගත් සජිත් හැමදාම මට පරාදයි- නාමල්

colombotoday