World

නිවුන් සොහොයුරියන් කොවිඩ් නිසා එකටම අවසන් ගමන් යයි

කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දින තුනක් තුළ අවසන් ගමන් ගිය එංගලන්ත නිවුන් සහෝදරියන් දෙදෙනෙක් පිළිබඳව බී.බී.සී. පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

ළමා හෙදියක් වන කැතී ඩේවිස් (37) පසුගිය අඟහරුවාදා දිනයේදී සවුත්හැම්ටන් රෝහලේදී කොවිඩ් 19 හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඇයගේ නිවුන් සහෝදරිය වන එමා ඉන් තුනකට පසුව සිකුරාදා දිනයේදී සවුත්හැම්ප්ටන් රෝහලේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.ඇයද හිටපු හෙදියක් වෙයි

ඔවුන් දෙදෙනාගේ සහෝදරියක් වන සෝයේ මේ පිළිබඳව අදහස් දක්වමින් පවසන්නේ “  ඒ දෙන්නා හැම වෙලාවෙම කිව්වේ මේ ලෝකෙට ඔවුන් දෙන්නා ආවෙත් එකට ලොකයෙන් යන්නෙත් එකට කියලයි. ඔවුන් දෙදෙනා කොතරම් විශේෂයිද කියලා කියන්න වචන නෑ.

ඔවුන් දෙදෙනාට අවශ්‍ය වුණේ හැමවෙලාවෙම අනුන්ට උදව් කරන්න. ඔවුන් බලාගත් රෝගීන් වෙනුවෙන් මේ දෙන්නා හැම දෙයක්ම දුන්නා.”

Related posts

අනන්තය දක්වා දින සොයාගත හැකි දින දර්ශනයක් සොයාගනී

Admin

උණුසුම් වූ ඇමරිකා-චීන සිතල යුද්ධය

colombotoday

“ලංකාවේ ඊළම හදන්න ඇපකැප වෙනවා” තමිල්ණාඩු ද්‍රවිඩයන් කුලප්පු කර ජයලලිතා ඡන්ද ගරයි

colombotoday

ඊශ්‍රායල සිවිල් වැසියන්ටත් ගිනි අවි ලබා දෙයි

Admin

පිලිපීනයම මර බියෙන් ඇවිලෙයි.. ISIS ත්‍රස්තයෝ මරාවී නගරය ආක්‍රමණය කරයි (Photo)

colombotoday

වසර 30කට පසු ප්‍රංශයේ දරුණුතම බස් අනතුරින් 43ක් මරුට – Video

colombotoday