Colombo Today Local News

නිවාස හදන්නම් මම නම් දන්නේනම් නෑ.. සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා- සජිත්

ගම්මාන සාදා නම කැත කර ගත් ලෝකයේ එකම පුද්ගලයා තමන් විය හැකි බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඉදිරියේදී තමන් විසින් ඉදිකිරීමට සැලසුම්කර ඇති මහල් නිවාස සංකීර්ණ සඳහා නම් දැමීමට තමන් කටයුතු නොකරන බවද ඒ සදහා ජනතාව විසින් නම් යෝජනා කරන්නැයිද ඔහු ඉල්ලා සිටියේය.

තමන් විසින් සදා ලෝක පූජිත ගම්මාන නම් කිරීමෙන් පසු විවිධ පුද්ගලයන් එක එක කතා කී බව ද ඔහු සිහිපත් කළේය.

එනිසා මෙවර තමන් නිවාස හා මහල් නිවාස සාදා නම් නොදමන බවත් කැමති නම් ඇත්නම් යෝජනා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

මැතිවරන ප‍්‍රචාරක කටයුතු සදහා යාපනය බලා යමින් සිටින අතරවාරයේ තම ප්‍රාඩෝ රථයේ සිට අන්තර්ජාලය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.

Related posts

රාජ්‍ය මාධ්‍යයේ මඩ ප්‍රහාරවලට අම්පිටියේ සුමනරතන හිමියෝ පිළිතුරු දෙයි

colombotoday

2018දී පාර්ලිමේන්තුවේ වචනයක් කතා නොකළ මන්ත්‍රීවරු 13ක්

colombotoday

රුපියල තවත් ශක්තිමත් වෙයි

Admin

IOC තෙල් ප්‍රවාහන රථ සියල්ලම සේවයට කැඳවයි

colombotoday

දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් සමාජයේ ඉන්නවා

colombotoday

පාස්කු ප්‍රහාරය සාධාරණිකරණය කළ මවුලවි, රිෂාඩ් නිදහස් කරන්නැයි කියමින් උද්ඝෝෂණයක

colombotoday