Colombo Today Local News

නියෝමාල් මාධ්‍යවේදිගෙන් සමාව ඉල්ලයි

අලුත්කඩේ උසාවි සංකීර්ණ පරිශ්‍රයේ දී මාධ්‍යවේදියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධව පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් අදාළ මාධ්‍යවේදියාගෙන් සමාව ඉල්ලා ඇති බව වාර්තා වේ.

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් තමන්ට අමානුශික ආකාරයෙන් සැළකු බවට චෝදනා කරමින් ඡායාරූප මාධ්‍යවේදියෙකු විසින් ඊයේ (10)දින පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මව්බිම පුවත්පතේ ඡායාරූප මාධ්‍යවේදී අකිල ජයවර්ධන මහතා විසින් මෙම පැමිණිල්ල කොළඹ මහාධිකරණයේ පොලිස් මුරපොළ වෙත යොමු කර තිබුණි.

තමා නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි තමන්ව පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත ඇදගෙන ගොස් එහිදී පහරදීමට තැත් කළ බව මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් චෝදනා කර තිබුණි.

එමෙන්ම මාධ්‍යවේදියා සතුව තිබූ කැමරා චිප් දෙකක්ද ඔහු විසින් ලබාගැනීමට කටයුතු කර තිබෙන බවද එම මාධ්‍යවේදියා සිය පැමිණිල්ලෙන් ප්‍රකාශ කර තිබුණි.

මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ හා අපක්ෂපාතී කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාගෙන් ලිඛිතව අදාල ඉල්ලීම සිදුකර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Related posts

බෞද්ධ සමාජයට, සිංහලයන්ට අත්වෙන ඉරණම ගැන කණගාටුයි – රාමාඤ්ඤ මහා සංඝ සභාව

colombotoday

එජාප කොළඹ බලකොටුව අවධානමේ… රෝසිට ගෙදර යන්න වෙන ලකුණු !

colombotoday

එස්.ටී.එෆ්.පීසී හෙරොයින් සමඟ මාලිගාවත්තේදී අත්අඩංගුවට

Admin

දේශපාලන පෙරළියක් සූදානම්.. කළකිරුණු ශ්‍රීලනිප ඇමතිලා 6ක් විපක්ෂයට !!

colombotoday

මාළු ව්‍යාපාරිකයෙක් මහ රෑ කපා කොටා මාරා දාලා…

colombotoday

තෙල් ගබඩා සංකීර්ණය පාළුවට යයි.. සේවකයෝ අඛණ්ඩ වර්ජනයේ.. පිරවුම්හල් අසල මහ පෝලිම්

colombotoday