Colombo Today Local News

නාමල් කුමාර අත්අඩංගුවට !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් කීපදෙනෙකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී ජාතික ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර නමැත්තා ළඟදීම අත්අඩංගුවට ගන්නා බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් නාමල් කුමාර නමැත්තාට එරෙහිව ද චෝදනා ගණනාවක් එල්ල වී ඇති බව පවසන පොලිස් මූලස්ථානය ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පවත්වාගෙන යන බව කියා සිටියි.

නාමල් කුමාර නමැත්තාට එල්ල වි ඇති චෝදනා සම්බන්ධයෙන් සාක්‍ෂි රැසක් ද මේ වන විට පොලිසිය සොයාගෙන සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

නාමල් කුමාර නමැත්තා යුද හමුදාවෙන් සහ ගුවන් හමුදාවෙන් පලා ගිය අයකු බවත්, ඔහු එම රැකියා සඳහා ඉදිරිපත් කර තිබු සහතික පත්‍ර ඇතුළු ලිපි ලේඛන රැසක් ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට අනාවරණය කරගෙන සිටියි.

එමෙන්ම නාමල් කුමාර ද මෙම කුමන්ත්‍රණයේ හවුල්කාරයකු බවට කරුණු අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි.

මේ අතර නාමල් කුමාර නමැත්තාට මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු ප්‍රචාරය කිරීම තහනම් කරමින් අධිකරණය මගින් පසුගියදා නියෝගයක් නිකුත් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් සහ උසස් පොලිස් නිලධාරීන් කීපදෙනෙක් ඝාතනය කිරීමට ත්‍රස්තවාදී විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා කුමන්ත්‍රණයක් කළ බවට නාමල් කුමාර පසුගියදා හෙළිදරව්වක් කළේය.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගත් අතර මේ වන විට ඒ මහතා බන්ධනාගාරගතකර සිටියි.

(ඉරිදා දිවයින)

Related posts

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන්න නවසීලන්තය එකඟයි

Admin

අර්ජුන් ඇලෝසියස් සුජීව සේනසිංහට ඇමතුම් 62ක් අරන්.. දුරකථන වාර්තාව බැදුම්කර කොමිසමට

colombotoday

ඉඩම් ආරවුලකට මිනී මැරූ වෙඩික්කරු ගිනි අවියත් සමග බාරවෙයි

Admin

ආණ්ඩුවේ නායකයෝ අපිව තුට්ටුවක ගණන් ගන්නෑ… තීන්දුවක් ගන්නවා – ඇමති හකීම්

colombotoday

නිරෝධායන මධ්‍යස්ථාන පිරී යයි

colombotoday

‘සාකච්ඡාවට ඉඩ ලැබිලා.. දැන් ප්‍රජාතන්ත්‍රවාදය බිහි වෙලා’ – එස් බී

colombotoday