Colombo Today Local News

දුමින්දට පාර්ලිමේන්තුව එපා වෙයි

පාර්ලිමේන්තුව අවසන් වරට රැස්වූ නොවැම්බර් 14, 15, 16 සහ 19 දිනවල මුලු ලංකාවේම සහ විදේශයන්ගේ අවධානය පාර්ලිමේන්තුව වෙත යොමුවී තිබිණි. එහෙත් එම පාර්ලිමේන්තු රැස්වීම්වලට දුමින්ද දිසානායක මහතා සහභාගී වී නැත.

ඔක්තෝබර් 26 වැනි දා රාත්‍රී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ධුරයෙන් ඉවත් කරනු ලැබ මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත් කළ බවට  නිවේදනය කිරීමෙන් පසු පාර්ලිමේන්තුව  මුල්වරට රැස්වූයේ  පසුගිය 14 වැනි දාය.

පාර්ලිමේන්තුවේ බොහෝ කලබගෑනි සිදුවූ මෙම දින හතරේම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පාර්ලිමේන්තු නොපැමිණි බව එහි ආරංචි මාර්ග කියයි. දින හතරේම පාර්ලිමේන්තුවට නොපැමිණි එකම මන්ත්‍රීවරයා ඔහුය.

මීට වසර හතරකට පෙර 2014 නොවැම්බර් මාසයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස පැමිණි දිනයේම දුමින්ද දිසානායක මහතා ද ඔහු එවකට දරමින් සිටි අමාත්‍ය ධුරයෙන් ඉවත් වී පොදු අපේක්ෂකයාට සහාය දැක්වීමට එක් විය.

ඉන් අනතුරුව පිහිටවූ යහපාලන ආණ්ඩුවේ අමැතිවරයකු වූ ඒ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැති ධුරය යටතේත් පසුගිය දා කැබිනට් ඇමැතිවරයකු ලෙස දිවුරුම් දුන්නද මේ වන තෙක් වැඩ බාර ගැනීමට ගොස් නැතැයි දැනගන්නට තිබේ.

එමෙන්ම විජයදාස රාජපක්ෂ , දිළුම් අමුණුගම සහ  වසන්ත සේනානායක යන මන්ත්‍රීවරුන් පසුගිය දින හතරෙන් පාර්ලිමේන්තුවට සහභාගී වී ඇත්තේ එක් දිනයක දී පමණි. විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ පසුගිය 14 වැනි දා පමණි. දිලුම් අමුණුගම මහතා පැමිණ ඇත්තේ නොවැම්බර 15 වැනි දා පමණි. කතානායක මේසය මත ඇති යමක් කැඩීමට ගොස් ඔහුගේ අත තුවාල වූයේ එදිනය.  වසන්ත සේනානායක මහතා ද පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ 14 වැනි දා පමණි.

පසුගිය දිනවල පාර්ලිමේන්තු නොපැමිණි මන්ත්‍රීවරුන් මෙසේය.

නොවැම්බර් 14 වැනි දා

අන්නාමලෙයි නඩේසු සිවශක්ති මහතා, පා.ම.

දිළුම් අමුණුගම මහතා, පා.ම.

දුමින්ද දිසානායක මහතා, පා.ම.

නොවැම්බර 15 වැනි දා

ආරුමුගන් තොණ්ඩමන් මහතා, පා.ම.

දුමින්ද දිසානායක මහතා, පා.ම.

වසන්ත සේනානායක මහතා, පා.ම.

(ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා, පා.ම.

නොවැම්බර් 16 වැනි දා

ජයන්ත සමරවීර මහතා, පා.ම.

දිළුම් අමුණුගම මහතා, පා.ම.

දුමින්ද දිසානායක මහතා, පා.ම.

පියල් නිශාන්ත ද සිල්වා මහතා, පා.ම.

මුත්තු සිවලිංගම් මහතා, පා.ම.

වසන්ත සේනානායක මහතා, පා.ම.

(ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා, පා.ම.

නොවැම්බර් 19 වැනි දා

අබ්දුල්ලාහ් මහ්රූෆ් මහතා, පා.ම.

තිලංග සුමතිපාල මහතා, පා.ම.

දයාසිරි ජයසේකර මහතා, පා.ම.

දිළුම් අමුණුගම මහතා, පා.ම.

දුමින්ද දිසානායක මහතා, පා.ම.

ප්‍රේමලාල් ජයසේකර මහතා, පා.ම.

මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා, පා.ම.

වසන්ත සේනානායක මහතා, පා.ම.

(ආචාර්ය) විජයදාස රාජපක්‍ෂ මහතා, පා.ම.

Related posts

චීනයට අපහාස කර, ජනපතිවරයාවත් තුට්ටුවට දැමූ මුදල් ඇමති නෙරපා දමන්න ජනපතිට බැරි ඇයි

colombotoday

රථවාහන අවම දඩය 2500යි.. අයවැයේ තීරණය වෙනසක් නෑ.. බස් හිමි විරෝධය අසාධාරණයි

colombotoday

රටේ ආදායම් උත්පාදනය කිරීමට හැකි එකම ක්‍රමය සමෘද්ධි මුද්දරය ලබා දීම නොවේ. – රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

අන්තිමට ඉතිරි වෙන්නේ ‘රාජ පස්ස’ විතරයි

colombotoday

“අපි හදපු ආණ්ඩුවෙන් පිටවෙලා යන්නේ මොකටද”

colombotoday

ප්‍රසන්නගේ බොරු.. පාද යාත්‍රාවට මගේ අනුමැතිය නෑ – ජනපති

colombotoday