Colombo Today Local News

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල 300% කින් ඉහළට

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල නගරයේ සෑම මාර්ගයකම වාහනවලින් පිරී ඉතිරී ගොස්  වෙළඳසැල් සියල්ලම මෙන්ම ආර්ථික මධ්‍යස්ථානය ද ව්‍යාපාරිකයන්ගෙන් ගොවීන්ගෙන් ජනතාවගෙන් පිරී ගියේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය 25 දින පස්වරුවේ සිට විවෘත කර තැබීමත් සමඟ එළවළු මිලදී ගැනීමට සහ අලෙවි කිරීමට පැමිණි විශාල ජනතාවක් සිටියහ.

එළවළු ගැනුම්කරුවන්ගේ වැඩිවීම හේතුවෙන් එළවළු මිල 300% කින් පමණ ඉහළ ගොස් තිබිණි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අතරමැදි වෙළඳ කණ්ඩායම් රැසක් ඉතා සූක්ෂම ලෙස ගොවීන්ගේ එළවළු රැගෙන ඒවා වැඩි මිලට අලෙවි කිරීම සිදු කළ බව මිලදී ගැනීම සඳහා පැමිණි දුර බැහැර ව්‍යාපාරිකයෝ චෝදනා කරන්නට වූහ.

Related posts

බොරතෙල් මිලේ දැවැන්ත පහත වැටීමක්!

Admin

හරින්ට මනූෂට නිදහසට කරුණු කියන්න සජබ දින 7ක් කල් දෙයි

colombotoday

විල්පත්තු විනාශයේ ඇග හිරිවැටෙන හෙළිදරව්ව.. මහා සංහාරයේ අලුත්ම තත්ත්වය මෙන්න (Video)

colombotoday

මහ මැතිවරණයේ දී රාජ්‍ය ආයතනවල සභාපති ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලවලට දේශපාලනය තහනම්

colombotoday

සජිත්, නවීන්, ඉන්දික අනූ නවයෙන් බේරෙයි.. හෙලිකොප්ටරය එළවලු කොටුවේ !

colombotoday

පාසැල් සිසුන් ප්‍රවාහණය කරන වෑන් රථ සදහා “කහ” වර්ණය අනිවාර්ය කෙරේ

colombotoday