Colombo Today Local News

තුවක්කු බට කඳන් 13ක් හා බෙහෙත් කොටන තුවක්කුවක් සමග එක් සැකකරුවෙකු අත්අඩංගුවට

කහල්ල පල්ලෙකැලේ අභයභූමි රක්ෂිතයට යාබදව පිහිටි පලාගල, අඹගස්වැව ප්‍රදේශයේ ඊයේ (26)දින වනජීවී නිලධාරීන් විසින් සිදුකළ සෝදිසි මෙහයුමකදී වන සතුන් දඩයම් කිරීම සඳහා බඳින ලද තුවක්කු බට කඳන් 13ක්, බෙහෙත් කොටන තුවක්කුවක් හා එක් සැකකරුවෙකු ගල්කිරියාගම වනජීවී නිලධරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අඹගස්වැව ප්‍රදේශයේ පිහිටි ගොවි බිම්වලට වන අලින් පැමි‍ණේන ස්ථාන කේන්ද්‍රකර ගනිමින් මෙම බඳින තුවක්කු හමු වී ඇති බව ගල්කිරියාගම වන සත්ව අඩවි ආරක්ෂක ඩි. රාමසිංහ මහතා පැවසීය.

වන අලින් කීපදෙනෙකු මෑත කාලයේ වෙඩි වැඳීම් වලින් තුවාල ලැබීම හේතුවෙන් මෙම වැටලීම සිදුකර ඇත.

බෙහෙත් කොටන තුවක්කුව සොයා ගෙන ඇත්තේ එම් ප්‍රදේශයේ දඩයක්කරුවෙකු බවට සැකකෙරෙන පුදගලයෙකුගේ ගෙවත්තේ සඟවා තිබියදීය.

බඳින ලද තුවක්කු බට සවිකළ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ඩි.රාමසිංහ මහතාගේ අධික්ෂණයෙන් වන සත්ව ආරක්ෂක සෂින්ද්‍ර විජේරත්න,එස්.එස්.රත්නායක,සිවිල් ආරක්ෂක ලලිත් ඒකනායක,සම්පත් වීරසුරිය,ආනන්ද බණ්ඩාර යන මහතුන් වැටලීමට එක්ව සිටියහ.

Related posts

බුද්ධි අංශ නිලදාරින්හට සෙත් පතා පවත්වන බෝධි පුජාව ලන්ඩනයේදී

colombotoday

යු ටියුබ් වෙත ඩොලර් මිලියන 170 ක දඩයක්

colombotoday

මහසෝන් බළකායේ නායක අමිත්ට මොකද වෙන්නේ… අමිත්ගේ බිරිඳ කියන කතාව

colombotoday

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

colombotoday

සජිත් ලංකාවේ මීලග ජනාධිපති වීම අනිවාර්යයි ලෝව පුරා වන බල පෙරලිය ලංකාවේ වෙන්නේ සජිත් ජනපති වීමෙන්.

colombotoday

නවක සාමණේර හිමිවරුන් පුහුණු කිරීමේ ජාතික වැඩසටහනක්

colombotoday