Colombo Today Local News

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

පොළොන්නරුව, ත්‍රිකෝණමඩුව රජයේ රක්ෂිත වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වී එහි ගැවසෙමින් සිටි තිත් මුවෙකු මරා එම මුවාගේ මස් කිලෝ 3 ක් තම බාරයේ තබා ගත් බවට අධිකරණය හමුවේ චෝදනා ලැබූ පුද්ගලයෙකුට මාස තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ.

පොළොන්නරුව මහෙස්ත්‍රාත් අසේල ද සිල්වා මහතා විසින් ඊයේ (09)දින මෙම නියෝගය නිකුත් කර ඇත.

ඊට අමතරව විත්තිකරුට මුදලින් රුපියල් 70,000ක දඩ මුදලක් ගෙවන ලෙසටද නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා එම දඩ මුදල නොගවන්නේ නම්, ඔහුට තවත් මාස තුනක සිරදඬුවමක් නියම කළේය.

පොළොන්නරුව, වැලිකන්ද කුඩා පොකුණ, ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස වරදකරු වී තිබේ.

සත්ත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව පොළොන්නරුව වනජීවි කලාප කාර්යාලය මඟින් එම නඩුව පවරා තිබුණි.

‍පොළොන්නරුව, වනජීවි කලාපය බාර වනජීවි සහකාර අධ්‍යක්ෂ කීර්ති චන්ද්‍රරත්න මහතාගේ මෙහෙයවීම මත වනජීවි අඩවි ආරක්ෂක ඩබ්.එම්.කේ විජේකෝන් මහතා සමග වනජීවි නිලධාරීන් කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Related posts

එජාපයට සහය දෙන්න මට අල්ලස් දුන්නා.. පොහොට්ටුවේ මන්ත්‍රීවරිය පාපොච්චාරණය කරයි (Video)

colombotoday

ජනපති ඇතුළු රාජපක්ෂ පවුලේ අය විශේෂ සාකච්ඡාවක්

colombotoday

අලුත් ව්‍යවස්ථාව සම්මවුණොත් ලංකාව ඉවරයි… තුන් බිය දුරු කර රට ගොඩ ගන්න මග මහින්ද කියයි…

colombotoday

රයිඩර්ගේ ඔත්තුවෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්

colombotoday

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් ආසාදිතව මියයයි

colombotoday

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ දී සැකකරුවන් 376ක් අත්අඩංගුවට

colombotoday