Colombo Today Local News

තත්වය භයානකයි – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්‍රිත කොවිඩ් රැල්ල ඉතා අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

අද (26)දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

පෑලියගොඩ අනුපොකුරත් සමග ආසාදිතයින්ගේ පැතිරිම දිවයිනේ සෑම ප්‍රදේශයකම විහිදී පවතින බවත් මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙක්ද මේ වන විට වාර්තා වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

“දිවුලපිටිය සහ මිනුවන්ගොඩ අශ්‍රිත කොවිඩ් 19 දෙවෙනි රැල්ල ලෙස සැලකෙන වසංගත තත්ත්වය මේ වන විට ඉතාම අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙමින් තියෙනවා. පෑලියගොඩ ප්‍රදේශයෙන් වාර්තාවුණු අනුපොකුරේ රෝගීන් එක්ක මෙ පොකුරේ වාර්තාවුණු රෝගීන් දිවයින පුරාම විහිදී ඉන්නවා. එමෙන්ම ලංකාවේ අපිට මුලාශ්‍ර සොයාගත නොහැකි රෝගීන් කිහිපදෙනෙකුත් මෙ වෙද්දි වාර්තා වෙමින් තියෙනවා. ඒ නිසා මෙ තත්ත්වය ඉතාම භායානකයි. ඒ වගේම බස්නාහිර පළාතේ කොළඹ මහ නගර සභා සීමාවේ ඇතැම් ප්‍රදේශ මේ වෙද්දි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශයෙන් ගිලිහෙමින් පවතිනවා”.

Related posts

සතොසේ සුදුළූණු බහාලුම් 02ක් හොර පාරෙන් විකිණූ නිලධාරීන්ගේ වැඩතහනම්

colombotoday

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin

වැල්ලවත්තේ උණුසුම් තත්ත්වයක්… ගාලු පාර අවහිර වෙයි

colombotoday

FCIDය නීත්‍යානුකූලයි – අධිකරණය තීන්දු කරයි

colombotoday

පාසල් සිසු සිසුවියන් 19කට දෙඹරු ප්‍රහාරයක්

colombotoday

සහරාන් ගැන කාන්තාවන්ට දේශන පැවැත්වූ ලැගුම්හලක් පොලීසියේ පරික්ෂාවට

colombotoday