කොරෝනා වයිරස් බලපෑම හේතුවෙන් ඩුබායිහි සිරවී සිටි ලාංකිකයන් 290 දෙනකු අද අළුයම් කාලයේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
ශ්‍රී ලංකන් ගුවන් සේවාවේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් රැගෙන විත් තිබේ.
මෙම පිරිස් අතර ගැබිණි මව්වරු 120 දෙනකු විය.
පැමිණි සියලු දෙනාම ගුවන්තොටුපල තුළදීම කොරෝකා පරීක්ෂාවට ලක් කරන ලදී.
පසුව ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමට කටයුතු කර ඇත.