Colombo Today Local News

ඩුබායි ඉන්න ගෝලයෝ 6 ක් ලංකාවට එවන්න මධුෂ් ප්ලෑනක්‌ ගහයි. පවුලේ අයටත් කෝල් කරලා

ඩුබායි දේශයේ රැඳීසිටින තම කල්ලියේ ප්‍රබලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ අවදානමක පසුවන නිසා ඔවුන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස පොලිස්‌ අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් නමැති පාතාල නායකයන් දෙදෙනා ඔවුන්ගේ මෙරට පවුලේ සාමාජිකයන් වෙත දුරකථනයෙන් දැනුම් දී ඇත.
 
මෙම පාතාල නායකයන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ සිටින ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට දුරකථනයෙන් කතා කිරීමට ඩුබායි පොලිසිය පෙරේදා (07 වැනිදා) අවස්‌ථාවක්‌ ලබා දී තිබිණි.
 
එම අවස්‌ථාව ප්‍රයෝජනයට ගත් පාතාල නායකයන් දෙදෙනා ඩුබායිහි සැ`ගවී සිටින තම සගයන් වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලෙස දැනුම් දී ඇත.
 
මධුෂ් සහ කන්චිපාන ඉම්රාන් මෙරට පදිංචි තම ඥාති හිතවතුන්ට දුරකථනයෙන් කතා කළ බවට තොරතුරු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබිණි.

Related posts

රිල්වාන්ට පුපුරණ ද්‍රව්‍ය සැපයු රාසික් රාසා TID යට

colombotoday

මෙරට සිටන විදේශිකයන්ට විසා දිගුවක්

colombotoday

බොරුව පිළිගත් ගානියාට අත්හිටැවූ සිර දඬුවම්

Admin

දුරකථන, සෞඛ්‍ය සේවා ගාස්තු ඉහළට.. වැඩි වූ වැට් බද්ද, දූෂණ බද්ද ලෙස නම් කරයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකයි.. මිල පාලනය කළ භාණ්ඩ මෙන්න

colombotoday

මහින්දට හා විමල්ට පාතාලයෙන් ජීවිත තර්ජන?

colombotoday