Colombo Today Local News

ජාතිවාදී චෝදනා දරන්න බෑ කියා ශරීඩ් කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වෙයි

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ලෙස තාවකාලිකව පත්කරන ලද වෛද්‍ය එන්. ශරීඩ් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තමන් තනතුරේ වැඩ භාර ගත් දින සිටම තමන් සම්බන්ධ ජාතිවාදයක් නිර්මාණය කිරීමට කිසියම් පාර්ශ්වයක් උත්සාහ දැරීම හේතුවෙන් එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඔහු සඳහන් කළේය.

සාෆි සියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව අධිකරණයේ නඩුවක් විභාගයට ගැනෙන අවස්ථාවක තමන්ව ඔහුට සම්බන්ධ කර චෝදනා නැගීම සම්පූර්ණ වැරදි බව ද ඔහු කියා සිටියේය.

මේ හේතුවෙන් පවතින තත්ත්වය මත තමන්ට එම රෝහලේ රාජකාරී කිරීමට නොහැකි නිසා ධුරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

Related posts

අග්නිදිග විශ්වවිද්‍යාලයේ ජාතිවාදී ගිනිදළු.. සිංහල සිසුන්ට ඉවරයක් නැති පීඩා.. පල්ලි දෙකයි. බුදු මැදුරට තහංචි !

colombotoday

කෝටි 10කට අධික හෙරොයින් සහ අයිස් තොගයක් වටලයි

colombotoday

වද සැත්කම් චූදිත වෛද්‍ය සාෆි ගැන ගැන සීඅයිඩිය අලූතින් පරීක්‍ෂණ අරඹයි

colombotoday

‘නවීන් දිසානායක මට පරුෂ වචනෙන් බැන්නා‘ – තිලංග කතානායකට ලියූ ලිපිය මෙන්න

colombotoday

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

දුම්රිය එන්ජින් 20ක් ධාවනයෙන් ඉවතට

colombotoday