Colombo Today Local News

ජනබල විරෝධය අස්සේ වස මුසුකළ කිරි පැකට් බෙදුවේ මුජිබර් රහුමාන්ද ?

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට” විරෝධතාවට සහභාගි වූ පිරිසකට ‘විෂ වූ කිරි පැකට්’ බෙදා හැර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා බවට අද(07) පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් චෝදනා කළේය.

කෙසේවෙතත් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බව මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළ අතර අද එම සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ද ඉදිරිපත් කළේය.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඉකුත් 05 වැනිදා පැවැත්වූ ජනබලය කොළඹට විරෝධතාවය අතරතුරදී කිසියම් පිරිසක් විසින් විරෝධතාකරුවන් වෙත කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී කිරිපැකට් බෙදා දී තිබුණි.

ඒවා පානය කිරීමත් සමඟ ඇතිවූ වමනය, ආහාර මාර්ගයේ දැවිල්ල මෙන්ම උදරයේ වේදනාව සමග බඩ එළියේ යාම වැනි රෝග ලක්ෂණ හේතුවෙන් 08 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර තවත් පුද්ගලයින් 30 දෙනෙකු පමණ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

පසුගිය 05 වැනිදා එකාබද්ධ විපක්ෂ විසින් සංවිධානය කළ “ජනබලය කොළඹට“ විරෝධතාවයට එක්වු පුද්ගලයින්ට කිසියම් පිරිසක් විසින් ලබා දුන් කිරි පැකට් පානය කිරීමේන් පසු වලස්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයෙතු ඇතුළු 8 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබා දුන් බව වලස්මුල්ල ප්‍රාදේශිය සභ මන්ත්‍රී චමිත් ලියනාරච්චි මහතා පැවසීය.

තවත් කිහිප දෙනෙක් සෙසු පළාත්වලින් පැමිණ සිටි අය බව ද වාර්තා වෙයි.

රැළිය පවත්වා දින දෙකක් ඉකුත්ව ගොස් ඇති අතර, අද වන විටත් ඇතැම් පුද්ගලයින්ට එම කිරි පැකට් පානය කිරීම හේතුවෙන් ඇති වු රෝගී තත්ත්වය පහව ගොස් නොමැති බව ද වාර්තා වෙයි.

ඇතැම් පුද්ගලයින් මෙම කිරි පැකට් පානය කිරීමෙන් අනතුරුව නිවෙස්වල සිටි ඔවුන්ගේ දරුවන් සඳහා ද රැගෙන විත් තිබේ.

එම කිරි පැකට් අද වන විට විශාල ලෙස ඉදිමී ඇති ආකාරය ද දක්නට ලැබුණු බව වාර්තාවේ.

(අද දෙරණ)

Related posts

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday

ජෙට් යානා අනතුරකින් දෙදෙනෙක් මරුට

Admin

රාජ්‍ය ලාංඡනය අවභාවිතා කළ උලමා සභාව මට්ටු වෙයි.

colombotoday

රාජපක්ෂලාට විතරද මේ පක්ෂය.. අනිත් උන්ට හොද නැද්ද? – වෙල්ගම අසයි

colombotoday

වෙද වැඩවර්ජනයේ වේදනාවත් රෝගීන්ට… සැත්කම් 60,000ක් නැවතිලා

colombotoday