Colombo Today Local News

ජනපති එන සතියේ අවසන් තීරණය ගනී… පළමුව දෙදෙනෙකු එල්ලයි…

මත්ද්‍රව්‍ය වැරදිවලට අධිකරණයෙන් මරණීය දණ්ඩනය හිමිවූ දෙදෙනෙකුට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම ගැන ලබන සතියේ ජනාධිපතිවරයා විසින් අවසන් තීරණය ගනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

රජයේ උපදෙස් පරිදි බන්ධනාගාර බලධරයන් දැනටමත් එල්ලුම්ගහට අවශ්‍ය මෙවලම් සපයා එය අලුත්වැඩියා කර තිබේ. ඉදිරි දෙසතිය තුළ අලුගෝසුවන්ද බඳවා ගනු ඇතැයි පැවසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සතියේද රජයේ ඊට අදාළ වගකිවයුත්තන් කැඳවා එල්ලුම් ගහ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කළේය.

අප වෙත ලැබෙන නවතම ආරංචිමාර්ග කියන්නේ බොහෝවිට අපරාධකරුවකු විෂයෙහි මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමෙන් පසුව ඒ ගැන නිල ප්‍රකාශය නිකුත් කිරීමටද ඉඩ ඇති බවයි. 

දේශය

Related posts

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday

පාසල් සිසුන්ට පාට පාට නිල ඇඳුම්.. නිල ඇඳුමේ ආකෘතියටත් වෙනසක් !!

colombotoday

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

රන්ජන් කරාපිටිය රෝහලට රැගෙන යයි

colombotoday

වැල්ලවායේ ඉන්ධන පිරවුම්හලක් අසලදී අත්අඩංගුවට ගත් 13 දෙනා රිමාන්ඩ්

colombotoday

ශ්‍රීලනිපය මල් වට්ටියේ තබා එජාපයට පූජා කිරීමට දුමින්දගේ සැලසුමක්…

colombotoday