Colombo Today Local News

ජනපති අයවැය නැවත වෙනස් කර විදුලි කාර් බදු ඉවත් කරයි… ඇමති රවී කැබිනට් නොඑයි

my3විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා අය කරන බදු මුදල 5% සිට 50% දක්වා වැඩි කිරීමට අය – වැයෙන් ඉදිරිපත් කළ යෝජනාව යළි පෙර පරිදි 5% සීමාව දක්වා අඩුකිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එම තීරණය ගෙන තිබෙන්නේ ඊයේ (23දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. මේ කැබිනට් රැස්වීමට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා සහභාගි නොවී සිටීමද අමාත්‍යවරුන්ගේ සුවිශේෂ අවධානයට ලක්ව තිබේ.

මේ පිළිබඳ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වූ පසු මලික් සමරවික්‍රම, සාගල රත්නායක වැනි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක්ම අදහස් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ විදුලියෙන් ධාවනය වන මෝටර් සඳහා එවන් බදු මුදලක් පැනවීම අසාධාරණ මෙන්ම ප්‍රායෝගික නොවන බවය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා එහිදී විශේෂයෙන්ම ප්‍රකාශ කර ඇත්තේ තමා පරිසර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළද මේ තීරණය පිළිබඳව තමාද දැනුවත් වී නොසිටි බවත් පරිසර ආරක්ෂණය පිළිබඳ මුළු ලෝකයේම දැඩි සාකච්ඡාවකට ලක්ව ඇති සහ ඒ වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නා අවස්ථාවකදී විදුලියෙන් ධාවනය වන මෝටර් රථවලට මෙලෙස බදු වැඩි කිරීම ප්‍රායෝගික නොවන කටයුත්තක් බවය.

මව්බිම

Related posts

පවුල් පිටින් හොරකමේ ගිය අම්මයි, තාත්තයි, දුවයි CCTV යෙන් මාට්ටු වූ හැටි (Video)

colombotoday

චාමර වීරසිංහ බලන්න එන්න එපා, කරදරයි රෝහලෙන් පණිවිඩයක්

Admin

ඉන්දියානු පොහොර ගෙන්විමට අදාළව පළවන වාර්තා ජනපති ලේකම් ප්‍රතික්ෂේප කරයි

colombotoday

“ප්‍රයිස් නැති එන්ටර්ප්‍රයිස්” – වී කිලෝව 25 යි වී දාන මල්ල 55 යි – දිලුම් අමුණුගම

colombotoday

UAE වල රැකියා කාණ්ඩ දෙකක ලාංකික කාන්තාවන් ලියාපදිංචිය නවතී

Admin

2020 දී විධායක අගමැති මෛත්‍රී?

colombotoday