Colombo Today Local News

ජනපති අද ජගත් සමුළුව අමතයි… ලොව හොල්ලන යෝජනාව සූදානම් !

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 73 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (25 දා) නිව්යෝර්ක් වේලාවෙන් සවස 4.30ට පමණ එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට නියමිතය.

මෙවර සිවුවැනි වරට එක්සත් ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුව අමතන මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවට එල්ල වන යුද අපරාධ චෝදනාවලට අදාළ ප්‍රශ්නය විසඳා ගැනීමට තීරණාත්මක යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා ජනමාධ්‍ය ප්‍රධානීන් හමු වූ අවස්ථාවේදී ද ජනාධිපතිවරයා තමන් මෙවර එක්සත් ජාතීන්ට විශේෂ යෝජනාවක් ඉදිරිපත් කරන බව මුල්වරට අනාවරණය කළේය.

එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් සමුළුව මගින් සම්මත කරන ලද යෝජනා වෙනුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන නව යෝජනාවෙන් අලුත් විකල්පයන් ගණනාවක් ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි ද දැනගන්නට ඇත.

එල්.ටී.ටී.ඊ චූදිතයන්ටත්, හමුදා සාමාජිකයින්ටත් කඩිනමින් සාධාරණය ඉටුකළ හැකි අදහස් ජනාධිපතිවරයාගේ යෝජනාවට ඇතුළත් විය හැකි බවද නිව්යෝර්ක් නුවර රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසා සිටියි.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට ජනාධිපතිවරයා ඉදිරිපත් කරන යෝජනාව පසුව එ.ජා. මහලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මහතාටත් ජිනීවා මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරිය වන මිචෙල් බැච්ලට් මහත්මියට ද භාර දී එය ක්‍රියාවට නැංවීම ජනාධිපතිවරයාගේ අදහස බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

Sriankan mirror

Related posts

අරක්කු බෝතලේ මිල වැඩි කළාම ඒවා විකිණෙන්නේ නැතැ. කසිප්පු ගැන අයි.එම්.එෆ් එකට උගන්නන්න

Admin

කෝකිලායි සිංහල පාසලේ පිපිරීමක්.. සිසුන් අටක් රෝහලේ !

colombotoday

පොහොට්ටුව පළාත් සභා මැතිවරණ ඡන්දයේ අපේක්‍ෂක අයදුම්පත් කැඳවයි

Admin

උතුරෙන් සිංහලයන් එලවන්න කතා කරන විග්නේෂ්වරන්ට අලුත් ව්‍යවස්ථාවෙන් ඉඩම්, පොලිස් බලය

colombotoday

මද්දකට හසුවූූ කළු කොටියා මියයයි

colombotoday

නිදහස් කල සිරකරුවන් අතර “සිංහල කොටි” පස්දෙනෙක්

colombotoday