Colombo Today Local News

චීනයට එරෙහි කොළඹ උද්ඝෝෂණයට තහනම් නියෝගයක්

ලෝකය පුරා කොරෝනා වෛරසය පැතිර වූ චීන රජයට විරුද්ධව නිහඩ විරෝධතාවයක් 2020/06/10 වන දින පවත්වන්නට කටයුතු සූදානම් කර තිබූ බවත් එම උද්ඝෝෂණය පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබා ගැනීමට පොලීසිය ක්‍රියාකර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා අප වෙත පැවසූවේ කෝරෝනා වෛරසයෙන් මුලු ලෝකයම මේ අවස්ථාවේ අසරණභාවයට පත්ව ඇති බවත් දහස් ගණන් මිනිසුන් මියගොස් තවත් දහස් ගණනක් වූ මිනිසුන්ගේ ආර්ථිකය කඩා වැටී ඇති මේ අවස්ථාවේ මලමිනී උඩින් චීනය ලෝක බලවතා වීමේ සිහිනය දකින බවයි.

රන්ජිත් විතානගේ

ඒ මහතා වැඩිදුරටත් පැවැසූවේ චිනයේ වූහාං නගරයෙන් ආරම්භ වූ ‌කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය චීනයේ නොසැළකිල්ල නිසා ලොව පුරා ව්‍යාප්ත වූ බවයි. චීනයේ වූහාන් නගරයේ සිට ශ්‍රී ලංකාවට ඇත්තේ කිලෝමීටර 4300 ක දුරක් බවත් ඇමරිකාවට ඇත්තේ වූහාන් සිට කිලෝමීටර 11859 දුරක් බවත් චීනයේ බීජිං නුවරට වූහාන් සිට කිලෝමීටර 1153 ක් දුරක් තිබුනද කොරෝනා වෛරසය චීනයේ බීජිං නුවරට ව්‍යාප්ත වූයේ නැති බවයි. ඒ අනුව පෙනී යන්නේ තම රට තුළ කොරෝනා ව්‍යාප්තියට ඔවුන් වැට බැද ලෝකය පුරා කෝරෝනා ව්‍යාප්ත වෙන තෙක් බලා සිටි බවයි. මුල් අවස්ථවේ චීන රජය කොරෝනා වෛරසය පිළිබදව ලෝක සෞඛ්‍යට සංවිධානයට සත්‍ය තත්වය වසන් කල බව ද පැවැසීය.

මීට පෙර පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවූයේ චීනයේ වරදින් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණු අතර චීනයට විරුද්ධව රාජ්‍ය තාන්ත්‍රික පියවර ගන්නා ලෙස දන්වමින් සිවිල් නඩු විධාන සංගහයේ 461 ක යටතේ නීතිඥවරයෙකු මගින් විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දැන්වීමක්ද යවා තිබුණි. එම දැන්වීමේ සදහන්ව තිබුණේ මාසයක කාලයක් තුළ පියවර නොගතහොත් ආණ්ඩුක්‍රම විවස්ථාවේ 140 වගන්තිය යටතේ අභියාචනාධිකරණයෙන් රීට් ආඥ්ඥාවක් ලබා ගන්නා බවයි.

Related posts

ලංකාව චිකාගෝවක් වෙලා – මන්ත්‍රී දයාසිරි කියයි

Admin

පදික මාරුවේදී මෝටර් රියේ ගැටී පෙරපාසල් ගුරුවරිය මරුට

Admin

පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට

Admin

ජනපති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවේ පළමු අය – වැය අද පාර්ලිමේන්තුවට

colombotoday

සෞඛ්‍ය නිර්දේශ නොතැකු 201 ක් අත්අඩංගුවට

colombotoday

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday