Colombo Today Local News

ගෝඨාට සහ බැසිල්ට එරෙහිව වහා පියවර ගන්න. ඇමරිකානු රාජ්‍ය ලේකම්ගෙන් ඉල්ලයි

ඇමරිකානු පුරවැසියන් දෙදෙනා වන බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරු සම්බන්ධයෙන් වහා පියරක් ගන්නා ලෙස ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගෙන් ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන් විසින් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ උපදෙස් පරිදිව ඊයේ (29) ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ඕනෑම රටක ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු වලට දායකත්වය ලබාදීම ඇමරිකාවේ පුරවැසියන්ට යෝග්‍ය නොවන්නක් බව එම ලිපිය මගින් පෙන්වා දී තිබේ.

ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකයෙකුගේ නමින් මෙම ඉල්ලීම සිදුකර ඇති අතර ඇමරිකාවේ පදිංචි ශ්‍රී ලාංකිකයන්, ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා සමග මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ.

එම ලිපියේ පිටපතක් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයටද ෆැක්ස් කර ඇතැයි වාර්තා වේ.
එම ලිපියේ පිටපතක් පහත දැක්වේ.

Related posts

“රාජිතගේ අවිනීත ප්‍රකාශය රජයේ නිළ මතයද? වහා හෙළිකරනු…“ සරසවි ආචාර්යවරු ජනපතිට දන්වයි

colombotoday

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් කිහිපදෙනෙකුට ස්ථාන මාරුවීම්

colombotoday

දුම්රිය වර්ජනයට කුපිත වූ මගීන්ගෙන් දුම්රිය දෙකකට ප්‍රහාර

colombotoday

කළු පාලම අසල ගඟේ නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක්

Admin

2020 සාමාන්‍ය පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

පාරිභෝගිකයින් වෙනුවෙන් නිකුත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම පාරිභෝගික පුවත්පත එළිදැක්වීම අද

colombotoday