Colombo Today Local News

ගෝඨාට එරෙහි සුකාගේ ඉල්ලීම ඉවතට !

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඇමරිකාවෙන් පිටවීමට ඉඩ නොදී රඳවා ගන්නා ලෙස ජාත්‍යන්තර සත්‍ය සහ සාධාරණ ව්‍යාපෘතියේ ප‍්‍රධානි යස්මින් සුකා කළ ඉල්ලීම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප‍්‍රතික්‍ෂේප කර ඇත.

කැනඩාවේ සිට ශී‍්‍ර ලංකාවට පැමිණි ද්‍රවිඩ තරුණයකු වධහිංසාවට ලක්කිරීමේ චෝදනාව මත තම සංවිධානය කැලිෆෝනියා අධිකරණය හමුවේ සිවිල් නඩුවක් ගොනු කළ බවද ඇය තම ඉල්ලීමේ සඳහන් කර තිබේ.

කොටි ඩයස්පෝරාවට සහය වන යස්මින් සුකා හිටපු ආරක්‍ෂක ලේකම්වරයාට එරෙහිව මේ නඩුව පවරා ඇත්තේ රෝයි සමාතානම් නමැති කැනඩා ශී‍්‍ර ලංකා ද්විත්ව පුරවැසියා වෙනුවෙනි.

ඇය මේ වන විට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු හමුදාපති ජගත් ජයසූරිය, හිටපු මේජර් ජෙනරාල් ජගත් ඩයස් යන මහත්වරුන්ට එරෙහිවද නඩු ගොනුකර ඇත.

Related posts

රට භාර ගන්නා මීළග නායකයා ගැන ඥාණසාර හිමිගේ අදහස මෙන්න

colombotoday

රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට

colombotoday

එක්සත් ජාතීන්ගේ 76වන සැසිය ඇමතීමට ජනපති ලබන 21 නිව්යෝක් යයි

colombotoday

එක්සත් ජාතීන්ගේ “වධ කදවුරු” චෝදනාවට හමුදා නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නව ලේකම් වැඩ අරඹයි

colombotoday

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

Admin