Colombo Today Local News

ගවයන් 37 ක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථ තුනක් පොලිස් අත්අඩංගුවට

අද උදෑසන මිහින්තලය පොලිසිය විසින් සිදු කරනු ලැබූ මෙහෙයුමක දී මැදවච්චියේ සිට ලොරි තුනකින් ප්‍රවාහනය කරමින් තිබූ ගවයන් 37 දෙනෙකු සමඟ සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර අදහස් දැක් වූ මිහිතලය පොලිසියේ ස්ථානාධිපති කේ.ඩී .ප්‍රසාද් සිරිවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ, මෙසේ ප්‍රවාහනය කළ ගවයන් අක්කරේපත්තුව,අකුරණ හා ගම්පහ යක්කල ප්‍රදේශ වලට මස් සඳහා විකිනීමට සුදානම් කර ඇති බවයි.

මෙම මෙහෙයුම සඳහා ස්ථානාධිපතිතුමා ඇතුළු 8 දෙනෙකුගෙන් සමන්විත නිළධාරී පිරිසක් සහභාගී වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මිහින්තලය පොලිසිය විසින් සිදු කරයි.

Related posts

රෝහිත බෝගොල්ලාගමට ජනපති කොමිසමෙන් සිතාසි

colombotoday

“සිංහල බෞද්ධ අන්තවාදී පිස්සො, බලය බෙදන්න කැමති නෑ.. ඇයි කියා මට තේරෙන්නෑ“ – චන්ද්‍රිකා

colombotoday

මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාල අසළ සිටින තැරැව්කරුවන් අත්අඩංගුවට ගන්න උපදෙස්

colombotoday

ඇල්පිටිය දැක්කම මාලිමාවට මහඡන්දෙන් 125ක් එනවා

Admin

ධීවරයින් පිරිසක් විසුරුවා හරින්න අහසට වෙඩි

Admin

සුනිල් පෙරේරාගේ අභාවය ගැන ජනපති සහ අගමැති තැබූ සාතිශය පණිවුඩ

colombotoday