Colombo Today Local News

ගඩාෆිට කරපු දේ ජනපති මෛත්‍රීට කරනවායි කියූ රත්නප්‍රිය ත්‍රස්ත විමර්ශනයට කැදවයි…



පුරවැසි බලය සංවිධානයේ නියෝජිතයෙකු වන සමන් රත්නප්‍රිය පසුගියදා මාධ්‍යයට කළ කරුණ දැක්වීමක් සම්බන්ධයෙන්, ප්‍රකාශයක් ලබා දීමට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

මහාචාර්ය සරත් විජේසූරිය, ගාමිණී වියංගොඩ ද ඉහත කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට මේ වන විට පැමිණ තිබේ.

සමන් රත්නප්‍රිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා විශේෂ විමර්ශනයක් ආරම්භ කෙරිණ.

ඒ, පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් උපුල් නිශාන්ත විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි. සමන් රත්නප්‍රිය පසුගිය 06 වැනිදා මාධ්‍ය සාකච්ජාවකදී රට තුළ අරගලයක් නිර්මාණය වන අන්දමේ හා ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන අන්දමේ ප්‍රකාශයක් සිදු කර ඇති බව, උපුල් නිශාන්ත ගොනු කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

ඒ අනුව, විශේෂ විමර්ශන කණ්ඩායමක් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව යොදවා ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. මෙම විශේෂ විමර්ශන ඒකකය විසින් පැමිණිළිකරු වන උපුල් නිශාන්තගෙන් දීර්ඝ ප්‍රකාශයක් සහ තවත් ප්‍රකාශ කිහිපයක් සටහන් කර ගැනිණ.

සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. එම ප්‍රකාශය සම්බන්ධව රූපවාහිනි නාලිකාවල සංස්කරණය නොකළ දර්ශන ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

Related posts

ජනපති උඩින් යන හැටි දුවට පෙන්වන්න වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

සයිනයිඩ් කා මියගිය පළමු කොටියා දෙමළ සන්ධානය සමරයි

colombotoday

මගේ අමාත්‍යාංශය යටතේ තිබූ පොල් සමාගම් දෙක ඇමති කබීර් හෂීම් පවරාගෙන – නවීන් දිසානායක

colombotoday

වයින් ස්ටෝර්ස් විවෘත කිරීමේ තීන්දුවට සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධ නැහැ

colombotoday

ආණ්ඩුව අනූ නමයෙන් බේරෙයි.. පරිපූරක ඇස්තමේන්තුව වැඩි ඡන්ද දෙකකින් සම්මත වෙයි

colombotoday

මත්ද්‍රවය නොමැති නිසා ගෙල කපා ගැනීමට උත්සහ කල පුද්ගලයෙකු රෝහලට

Admin